mediahumanrights.lk
Local NewsNews

ළඟදීම විභාග දෙපාර්තමේන්තුවේ වෙනස්කම්

ඉදිරියේදී විභාග දෙපාර්තමේන්තුවේ වෙනස්කම් රැසක් සිදු කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
ඔහු කියා සිටියේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.
විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ වැඩ තහනම් කිරීමට ඉකුත්දා පියවර ගත්තා.
මීට පෙර පැවැත්වූ විභාගවල උත්තර පත්‍ර පරීක්ෂාව, ප්‍රශ්න පත්‍ර සම්පාදක මණ්ඩලය නම් කිරීම සහ විභාගවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් පිළිබඳ මේවන විටත් විමර්ශන ක්‍රියාත්මකයි.
ඉකුත්දා පැවති රාජ්‍ය පරිපාලන විවෘත තරග විභාගයේ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ ඇතැම් ගැටලූ දෙමළ පෙරහුරු පෙළ පොතක පළ වී තිබීම සම්බන්ධයෙන් නෙත් නිවුස් පළමුවරට තොරතුරු අනාවරණ කළා.
එල්ල වූ චෝදනා මත  විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා දැනුම් දුන්නේ ඉන් අනතුරුවයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ කුලියාපිටිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ්‍රී ලංකාව වැටී ඇති ණය අර්බුදයෙන් ගොඩ ඒමට බැරි බව ආර්ථීක විශේෂඥයින් කියයි

Shiran Viraj

ඉරාන ජනාධිපති මිය යන්න පෙර ලංකාවට දුන් ත්‍යාගයක් මිය ගිය දා ලැබෙයි…

Shiran Viraj

ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනයට බදු ඉවත් කල යුතුමයි.. නමුත් IMF නිසා කරන්න බෑ..

Shiran Viraj
Translate »