28.4 C
Colombo
2026-07-09
mediahumanrights.lk
NewsPolitical

රජයේ අවසන් විසදුමේදීවත් සයිටම් අහෝසි කරන්නේ නෑ – කිරිඇල්ලගෙන් සහතිකයක්

රජයේ අවසන් විසදුමේදීවත් සයිටම් අහෝසි කරන්නේ නෑ – කිරිඇල්ලගෙන් සහතිකයක්
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ තීරණය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරන උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඔහු කියා සිටියේ මෙම අවසන් තීරණයේදී සයිටම් ආයතන අහෝසි නොකරන බවයි.
එමෙන්ම වෛද්‍ය විද්‍යාල පිහිටුවීම පිළිබඳව අවම ප්‍රමිතිය පිළිබඳව තවදුරටත් සාකච්ජා කිරීම සඳහා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා මහතා සඳහන් කළේය.
පසුගිය සඳුදා ජනාධිපතිවරයා සමඟ සයිටම් ගැටළු පිළිබඳව පැවති සාකච්ජාවේදී ගත් තීරණය පිළිබඳව දැනුම්දීමට වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මෙම රැස්වීම කැඳවා ඇති බව වාර්තා වේ.
වෛද්‍ය විද්‍යාල පිහිටුවීම පිළිබඳව අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නිර්දේශ ඈතුලත් වාර්තාව පිළිබඳව සාකච්ජා කිරීම සඳහා පසුගිය 17 වනදා ද වෛද්‍ය සභාවේ අවම ප්‍රමිතීන් පිළිබඳ කමිටුව රැස් විය.
එහිදී නීතිපතිවරයාගේ නිර්දේශ කිහිපයකට එම කමිටුවේ අනුමැතිය හිමි වූ බව එහි ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා මහතා සඳහා සඳහන් කළේය.
කෙසේවෙතත් අද (25) රැස්වන වෛද්‍ය සභාවේදී ද නීතිපතිවරයාගේ නිර්දේශ පිළිබඳ සාකච්ජා කෙරෙනු ඇත.

Related posts

ආපදා හේතුවෙන් හෙට නිවාඩු පාසල් ගැන පැහැදිළි කරයි

Shiran Viraj

නාමල් – සුජානි – නිත්‍යා ට ඇප

Shiran Viraj

පාසැල්වලට අමුතු නිවාඩුවක්… සිකුරාදාට පලමු වාරය අවසන්…

Shiran Viraj
Translate »