mediahumanrights.lk
News Political

මහින්ද එක්ක පොදුජන පෙරමුණ පුංචි ඡන්දයට – මංගල රැලිය අනුරපුරදී

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා වූ ප්‍රථම මංගල රැලිය අනුරාධපුරයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ ආරම්භක ජන රැලිය නොවැම්බර් මස 12 වැනි දින අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවත් එම භූමිය සඳහා එස්. එම්. රන්ජිත් සමරකෝන් මහතා විසින් මේ වනවිට අවසර ලබාගෙන තිබෙන බවත් පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසේන මහතා පවසයි.
හිටපු පළාත් පාලන නියෝජිතයන්, වෘත්තීය සමිති සාමාජිකයන් ඇතුළු පිරිසක සඳහා පසුගිය 22 වනදා චන්ද්‍රසේන මහතාගේ අනුරාධපුර කුරුන්දන්කුලම පිහිටි නිවෙසේදී පැවැති දැනුවත් කිරීමේ රැස්වීමේදී හෙතෙම මේ බව සඳහන් කළේය.
එදින පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි මහාසෑය අබියසදී සිදුකෙරෙන ආගමික වතාවත්වලින් අනතුරුව අනුරාධපුර මුස්ලිම් පල්ලිය, හින්දුකෝවිල අබියසදී ආගමික වතාවත් සිදු කරන බවත් අනතුරුව පස්වරු 2ට මංගල රැලිය ආරම්භ කිරීමට සැලැසුම් කර ඇතැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.
මේ සඳහා පොදු ජන පෙරමුණ සමඟ සිටින සියලු පක්‍ෂවල නායකයන් ඇතුළු සාමාජිකයන් විශාල පිරිසක් සහභාගිවීමට නියමිත බවද චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

කොවිඩ් මඬින්න විදෙස් හමුදා අවශ්‍ය නැහැ – ‘‘ ද හින්දු පුවත්පතට‘‘ ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රතිචාර

Shiran Viraj

කන්දකාඩු කොරෝනා පොකුර 519 දක්වා ඉහළට

Shiran Viraj

මැතිවරණය තියන නොතියන එක රජයේ වැඩක්.. අපට කරන්න කියන්න දෙයක් නෑ..- මැකො සභාපති

Shiran Viraj