31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

'ජනප්‍රියත්වය වෙලාවට ලැබෙයි' – ශෂී නිර්මාණි

යුසික් වීඩියෝවල පමණක් රංගනයෙන් දායක වන නව පරපුරේ රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකු වෙති. ශෂී නිර්මාණි ද ඇතුළත් වන්නේ ඒ කුලකයටය.
* ශෂී, මං කිව්වා ඇත්ත නේද?
ඔව්. මං මේවන තෙක් රංගනයෙන් දායක වුණේ මියුසික් වීඩියෝවල පමණයි.
* ඔබ මියුසික් වීඩියෝ කීයක විතර රඟපෑවද?
හයක.
* ඒ ටික මතක් කළොත්?
සමිත් පෙරේරා ගයන වෙන් වී යන්නම ඕනෙ නම්, සචිනි සුබසිංහ ගයන සමුගන්න අවසරයි, ශෙහාන් මධුසංඛ ගයන මුහුණු පෙතේ, හේමන්ත කුමාර ගයන නුඹේ සිනා, උපුලිත කුමාරසිංහ ගයන කුමරියේ. මෙතන පහක් තියෙනවා. හය වැනි ගීතය මට විශේෂයි.
* ඒ පැවසූ දෙය තවදුරටත් පැහැදිලි කළොත්?
හය වැනි සිංදුව මං කිිව්වෙ. එහි මියුසික් වීඩියෝවෙත් රඟපෑවේ මං.
* ඒ කියන්නේ ඔබ රංගනයට අමතරව ගායනයේ ද යෙදෙනවා?
ඔව්. මට හැකියාවක් තියෙනවා ගායනා කිරීමටත්. කලක් තිස්සේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා මගේම ගීතයක් ගයලා ඒකට මියුසික් වීඩියෝවක් කරන්න. ඒක දැන් හැබෑ වෙලා.
* ඔබේම ගීතයේ විස්තර පවසන්නට දැන් වෙලාව?
ඒකෙ නම ප්‍රේම හොරෝ, පද රචනය සහ සංගීතය දුලිප් මිරන්ඩෝගෙන්. චමු ශ්‍රී මියුසික් වීඩියෝව නිර්මාණය කළා.
* ඔබේ නමින් තවත් රංගන ශිල්පිණියක් ඉන්නවා. ඇයත් වැඩිපුරම රඟපාන්නේ මියුසික් වීඩියෝවල?
ඔය අහන්නේ ශෂී ඇන්ජලිනා ගැනනෙ. මට ඇයව තවම මුණ ගැහිලා නැහැ.
* ඒ ශෂීට අභියෝග කරන්න ද මේ ශෂී මියුසික් වීඩියෝවල ඉන්නේ?
කොහෙත්ම නැහැ. මොකට එහෙම තරග තියා ගන්නද, එයාගේ පාත් එකේ එයා යාවි. මගේ පාත් එකේ මම යනවා.
* දිගින් දිගටම මියුසික් වීඩියෝවල පමණක් රඟපාන්න ද ඔබ හිතාගෙන ඉන්නේ?
එහෙම තමයි ප්ලෑන් එක. ඒ අතරතුරදී ටෙලි නාට්‍යයක් මට ලැබුණා. අවාසනාවට එහි වැඩ කටයුතු අතරමඟ ඇනහිටියා.
* මියුසික් වීඩියෝ පමණක් රංගනයේ යෙදිලා ජනප්‍රිය වෙන්න පුළුවන්ද?
ජනප්‍රියත්වය මට වෙලාවට ලැබෙයි. ඒ වෙනුවෙන් වෙහෙස වෙන්නේ නැහැ.
* මේ වන විට මියුසික් වීඩියෝ කලාව තුළ බහුලව කාන්තා නිරුවත මාර්කට් කරනවා. ඔබට එවන් වු වීඩියෝවකට කතා කළොත් ඔබ යනවද?
තවම මට ආරාධනා ලැබුණේ හොඳ මියුසික් වීඩියෝ සඳහා. ඔවැනි වීඩියෝවකට ආරාධනා ලැබිලා නැහැ. මට රඟපාන්න පුළුවන් සීමාවක තුළ සිට මං රංගනයේ යෙදෙනවා. එතැනින් එහාට දේවල් මං කරන්නේ නැහැ.
* ශෂීගේ ගෙවල් තියෙන්නේ කොළඹින් ටිකක් දුර බැහැර නේද?
ඔව්. මගේ ගම රඹුක්කන.
* රංගන කටයුතු මඟ හැරෙන්නේ නැති ද ගෙවල් කොළඹට කිට්ටුව නොවන නිසා?
තාම නම් එහෙම වෙලා නැහැ. මට කතා කරපු ඔක්කොම නිර්මාණවලට මට යන්න පුළුවන් වුණා.
* ශෂී ඉගෙන ගත් පාසලත් මතක් කරමු?
පින්නවල මධ්‍ය මහා විදුහල.
* ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?
හරි විනෝදෙන් ඉන්න කැමැති කෙනෙක්.

( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

Related posts

මග තොටේදී කාන්තාවන්ට වන ලිංගික හිංසන වැලැක්වීමට අලුත් වැඩක්

Shiran Viraj

අරගලයේ ජනපති, අරගලයේ ගී රැජින ලගටම ගොස් ජනාධිපති සම්මාන පුදයි..

Shiran Viraj

පුද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප 25,000 කරනවා…

Shiran Viraj
Translate »