mediahumanrights.lk
News Political

අද ජනපති ජගත් මහා මණ්ඩලය අමතයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී අද (19) ආරම්භ වනවා.
මෙවර එහි තේමාව වන්නේ “ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් මත සැමදෙනා හට වැදගත් ජීවිතයක් සහ සාමය සඳහා ප්‍රයත්න දැරීම’’යන්නයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ජගත් මහා මණ්ඩලය අද (19) ඇමතීමට නියමිතයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජගත් මහා මණ්ඩල සැසිය අමතන තුන්වැනි අවස්ථාව මෙය වනවා.
ශ්‍රී ලංකාවේ දේශපාලනික සම්මුතිවාදය පිළිබඳව මෙන්ම සංහිඳියාව සහ සාමය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා විසින් ලෝක නායකයින් දැනුවත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

පාසල් සිසුවියක් දුෂණ කල ගුරුවරයෙකුට වසර 12ක සිර දඩුවම්…

Shiran Viraj

ලක්ෂ 30ක මෙරට උගත් ජනතාව වර්තමානයේ ජීවත් වෙන්නේ විදේශ රටවල

Shiran Viraj

සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවතට..? නව ලේකම් මේජර් ජනරාල්වරයෙක්..?

Shiran Viraj