31.1 C
Colombo
2026-09-04
mediahumanrights.lk
NewsPolitical

අද ජනපති ජගත් මහා මණ්ඩලය අමතයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී අද (19) ආරම්භ වනවා.
මෙවර එහි තේමාව වන්නේ “ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් මත සැමදෙනා හට වැදගත් ජීවිතයක් සහ සාමය සඳහා ප්‍රයත්න දැරීම’’යන්නයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ජගත් මහා මණ්ඩලය අද (19) ඇමතීමට නියමිතයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජගත් මහා මණ්ඩල සැසිය අමතන තුන්වැනි අවස්ථාව මෙය වනවා.
ශ්‍රී ලංකාවේ දේශපාලනික සම්මුතිවාදය පිළිබඳව මෙන්ම සංහිඳියාව සහ සාමය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා විසින් ලෝක නායකයින් දැනුවත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

වනෝද්‍යාන භූමි ආරක්ෂාවට විශේෂඥයින්ගේ සහාය

Shiran Viraj

බෙදුම්කරුවන් 3%නැතිව සටන අවසන් කරති.. සිපෙට්කෝ තම තීරණයේමයි..

Shiran Viraj

තෙල් හිඟයක් හා විදුලි කප්පාදුවක් අතේ දුරින්.. බැංකු පද්දතිය අවදානමේ.. විදෙස් බැඳුම්කර පොලිය 40% පනී..

Shiran Viraj
Translate »