28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
International NewsNews

උතුරු කොරියාව ජපානයට උඩින් යැවූ මිසයිලයට පිළිතුරු දෙන්න අමෙරිකාව සූදානම් වෙයි

උතුරු කොරියාවේ අලුත්ම මිසයිල අත්හදා බැලීම අමෙරිකාව දැඩි ලෙස හෙලා දැක තිබෙනවා.
ඔවුන් චෝදනා කරන්නේ උතුරු කොරියාවේ මෙම ක‍්‍රියා කලාපය එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙන්ම අසල්වැසි සෙසු රටවලට ද අවමානයක් බවයි.
උතුරු කොරියාව හුදෙකලා රාජ්‍යයක් බවට පත්වෙමින් ඇති බව ද ඔවුන්ට එරෙහි ගත හැකි සියලු පියවර දැන් සූදානම් බව ද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසනවා.
උතුරු කොරියාව සිය රටට ඉහළින් මිසයිලයක් එල්ල කිරීම පෙර නොවූ විරූ තර්ජනයක් බව ජපාන අග‍්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ පවසා තිබුණා.
උතුරු කොරියාව මෙම මිසයිලය අත්හදා බැලුවේ ඊයේ (29) අලුයමයි. එය ජපානයේ හොකයිඩෝ දූපතට ඉහළින් ගොස් මුහුදට පතිත වී තිබුණා.
උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් එල්ල කළ පළමු අවස්ථාව මෙයයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ අත්හදා බැලූ මිසයිලය න්‍යෂ්ටික යුධ ශීර්ෂයක් ගෙන යා හැකි තරම් බල සම්පන්න විය හැකි බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

අගමැති වියට්නාම නිල සංචාරය අරඹයි

Shiran Viraj

ජන බලයට දුන් කිරි පැකට් ගැන වාර්තාව සැකයි

Shiran Viraj

ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලැබෙයිද? ඡන්ද විමසීම අදයි

Shiran Viraj
Translate »