mediahumanrights.lk
NewsPolitical

මහා මැතිවරණය 60-40 අනුපාතයට පවත්වන්න සංදේශය අද

පාර්ලිමේන්තු මැතිවරණය සියයට 60- 40 අනුපාත ක්‍රමයට පැවැත්වීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ලබා ගැනීමට අද (6)  අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්ය  ෆයිසර් මුස්තාෆා මහතා පැවැසීය.
පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර එය මැතිවරණ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බව
 අමාත්යවවරයා සදහන් කළේය.
 සියයට 60- 40 අනුපාත ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම මෙමඟින් සිදු කෙරෙයි.
මෙම ක්‍රමය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා යොදා ගැනීමටද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව දැනටමත් යෝජනා කර ඇත.
එමෙන්ම මෙය පළාත් සභා සඳහා ද හඳුන්වාදීම තුළින් සියලුම මැතිවරණ එක හා සමාන ක්‍රමයකට අනුව පැවැත්වීමට හැකි  අමාත්‍යවරයා සදහන් කළේය.
අද ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් සංදේශය තුළින් පළාත් සභා සඳහා වන ඉදිරි මැතිවරණවලදී වඩාත් යහපත් මැතිවරණ සංස්කෘතියක් මෙරට තුළ ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.

(under the courtesy of adaderana news web)

Related posts

හමුදා භාරයේ සිටි මාලි ජනපති ඉල්ලා අස් වෙයි

Shiran Viraj

2000 බැගින් රුපියල් කෝටි දෙකක් ජනතාවට බෙදමින් සිටි ධනපතියෙකු අත්අඩංගුවට….

Shiran Viraj

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී..

Shiran Viraj
Translate »