mediahumanrights.lk
Local NewsNews

අද රැය "ගිණි ගත් රැයක්" බව වෛද්‍යවරු නිවේදනය කරයි

සයිටම් සිද්ධියට විරෝධය පළ කරමින් වෙනස් ආකාරයේ විරෝධතාවක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රමුඛ සයිටම් විරෝධී සංවිධාන සූදානම් වනවා.
මෙම විරෝධතාව නම් කර ඇත්තේ ‘‘ගිනි ගත් රැයක්’’ යනුවෙනුයි. අද (30) රාත‍්‍රීයේ පන්දම් රැගෙන දිවයිනේ නගර රැසකදී මෙම විරෝධතාව පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
ඇතැම් නගරවල බලි තොවිල් සහ යාග ද පවත්වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.
එහිදී කරුණු දැක්වූ එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ වැඩි දුරටත් සඳහන් කළේ යාපනය සහ කිළිනොච්චිය ඇතුළු නගර 50කදී මෙම ‘‘ගිනි ගත් රැයක්’’ විරෝධතාව ක්‍රියාත්මක බවයි. සයිටම් ගැටලුව සඳහා සර්ව සාධාරණ විසඳුමක් නොලැබෙන්නේ නම් කණගාටුවෙන් වුවද දැනට තීරණය කර ඇති ඉදිරි පියවරවලට යෑමට සිදුවෙන බවද සඳහන් කළා.
සයිටම් ගැටළුවට ආණ්ඩුව ස්ථීර විසදුමක් ලබා නොදෙන්නේ නම් සිය ක‍්‍රියාමාර්ග ඉදිරියේ දී අනිවාර්යයෙන්ම දැඩි කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
සයිටම් ගැටළුව මුල් කර ගනිමින් රජයේ අවසන් ස්ථාවරය ප‍්‍රකාශයට පත් කිරීම හිතා මතා කල් දමමින් සිටින බවට ද මෙහි දී චෝදනා කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

“බිස්නස් ටුඩේ” නම් කළ විශිෂ්ටතම ව්‍යාපාර 30 අතර සෙලාන් බැංකුව පෙරටම

Shiran Viraj

ප‍්‍රමිතියෙන් තොර යතුරුපැදි 'හිස්වැසුම්' සොයා වැටලීම් අරඹයි

Shiran Viraj

ඉන්දික හැර ගම්පහ සියළු පොහොට්ටු මන්ත‍්‍රීන් ජනපති හමුවේ.. එන වසරේත් මේ ආණ්ඩුවම බව ජනපති කියයි..

Shiran Viraj
Translate »