mediahumanrights.lk
International NewsNews

අමෙරිකානු යුද නෞකාවක් ඉන්ධන නැවක ගැටෙයි

අමෙරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් ඉන්ධන ප‍්‍රවාහන නෞකාවක ගැටී තිබෙනවා.
ඒ, සිංගප්පූරු මුහුදු සීමාවේදීයි.
අනතුරෙන් නාවික සෙබළුන් දස දෙනෙකු අතුරුදන්ව ඇති අතර තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අනතුරෙන් පසු අදාළ මුහුදු සීමාවේ මේ වනවිට දැවැන්ත සෝදිසි මෙහෙයුමක ද ක‍්‍රියාත්මකයි.
එමෙන්ම අනතුරෙන් විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් ද තවදුරටත් ක‍්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගත වූ මාස කිහිපය හා සැසදීමේ දී අමෙරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට ලක්වූ දෙවන අවස්ථාව මෙයයි.

Related posts

බොරු ප්‍රකාශ කලේ යයි වසන්ත සමරසිංහට එරෙහිව නඩු…

Shiran Viraj

ලංකාවේ නම ගිය හෝටල් 2ක් රජයට අහිමි වන ලකුණු

Shiran Viraj

අළුත් පාර්ලිමේන්තුවට නවක මන්ත‍්‍රීවරුන් 64 ක්

Shiran Viraj
Translate »