mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි

Uber ට විශාල තරඟකරුවෙකු හමුවන ලකුණු
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් කුලී රථ මෙහෙයුම්කරුවා වන Ola සිය ව්‍යාපාර කටයුතු බංග්ලාදේශයට හා ශ්‍රී ලංකාවට ව්‍යාප්ත කිරීමට කටයුතු යොදන බව bdnews24.com ප්‍රවෘත්ති වෙබ් අඩවිය අනාවරණය කර සිටී. දැනට ඉන්දියාව තුළ වැඩිම කුලී රථ සමූහයකට හිමිකම් කියනු ලබන්නේ ද Ola විසිනි.
මෙම මුලපිරීමත් සමඟම ඩකා සහ කොළඹ නගරය තුළ ක්‍රියාත්මක Uber සේවාවන් සඳහා විශාල තරගයක් එල්ල වනු ඇති බව bdnews24.com වැඩිදුරටත් කියා සිටී. 2011 වසරේ දී බැංගලෝරයේ දී ඇරඹි startup ආයතනයක් වන මේ සඳහා ආරම්භයේ දී Falcon Edge Capital හා Ratan Tata ගේ UC-RNT capital විසින් ඩොලර් මිලියන 100 ක ප්‍රාග්ධනයක් යොදවා තිබේ. පසුව ජපාන ආයෝජකයෙකු වන SoftBank Group විසින් තවත් ඩොලර් මිලියන 250 ක් Ola වෙත ආයෝජනය කර ඇත.
මේ වන විට ඉන්දියානු වෙළෙඳපොළ තුළ Ola සහ Uber අතර දැඩි තරඟයක් ක්‍රියාත්මකව පවතින අතර ඉන්දියාවේ නගර 28 ක් පුරාවට දිවෙන මෙම තරඟකාරීත්වය ඉදිරියේ දී කොළඹ සහ ඩකා නගර දක්වා ද පැතිරෙනු ඇති බව bdnews24.com වැඩිදුරටත් කියා සිටී.
(under the courtesy of adaderana news web)

Related posts

බස් ධාවනය සම්පූර්ණයන්ම නවත්වයි.. ඉන්ධන නෑ…

Shiran Viraj

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

Shiran Viraj

ආපදාව කළමනාකරණයට රජය සියලු විධිවිධාන ගත්තා – ඇමැති ආනන්ද විජේපාල

Shiran Viraj
Translate »