mediahumanrights.lk
LIFELIFE NEWSNews

දියවැඩියාව සුව කරන ආයුර්වේද යතුර

සමාජයේ බොහෝ පිරිසක්‌ දියවැඩියාවෙන් පීඩා විඳිනවා බොහෝ දෙනෙක්‌ මෙම රෝගයට දැඩි බියක්‌ දක්‌වනවා. ඇත්තටම දියවැඩියාව යනු කුමක්‌ද?
ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක – දියවැඩියාව යනු ශරීරයේ සීනි මට්‌ටම ඉහළ යැමයි. මේ සීනි මට්‌ටම ඉහළ යැමත් සමඟ ශරීරයේ ඇති වන විවිධ සංකූලතා තමයි දියවැඩියාවේ රෝග ලක්‍ෂණ ලෙස හඳුන්වන්නේ. මෙම රෝගය ජාන අනුවද වැළඳිය හැකි අතර වැඩි පිරිසක්‌ මේ සඳහා ගොදුරු වන්නේ නිසි ලෙස තම දේශපාලනයකින් තොරව කටයුතු කිරීමෙන් බවද පැවැසිය හැකියි. නිවැරැදි ආහාර රටාවන් අනුගමනය නොකිරීම සහ ක්‍ෂණික ආහාරවලට යොමුවීම ඒ අතරින් ප්‍රධානයි.
ඇයි සමාජයේ මෙතරම් දියවැඩියාවට බියක්‌ දක්‌වන්නේ
ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක –
මෙම රෝගය ඉතා අහිතකර ලෙස ශරීරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරනවා. නිහඬවම මිනිසාගේ සිරුරට කරන හානිදායක තත්ත්වය නිසා නිහඬ මාරයා යන අන්වර්ථ නාමයෙන්ද මෙම රෝගය ඇතැමුන් හඳුන්වනවා. එබැවින් මෙම රෝග ලක්‍ෂණ ඇති වු වහාම රෝගීන් ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා අවශ්‍යයි. මෙන්න මේ නිසා තමයි බොහෝ අය මේ රෝගයට බියක්‌ දක්‌වන්නේ.
දියවැඩියාව වැළඳුණු රෝගීන් මුහුණ දෙන අතුරු ආබාධ මොනවාද?
ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක – ආතතිය හිරිවැටීම් දියවැඩියා රෝගීන් මුහුණ දෙන අමතර රෝගී තත්ත්වයක්‌. රෝගීන් බොහෝ විට අප සමඟ පවසන්නේ කොට්‌ටයක්‌ උඩ ඇවිදිනවා වැනි දෙයක්‌ යටිපතුල්වලට දැනෙන බවයි. පාවහන් පැළඳ සිටියත් එය දැනෙනවා ඊට අමතරව දණහිස්‌, උරහිස්‌ මෙන්ම වැලමිට ඇතුළු විශාල සන්ධි ආශ්‍රිතව ඇති වන අධික වේදනා තත්ත්වයන්ද ඇති විය හැකියි.
මෙම වේදනාවන් සමහර අයට උදය කාලයේත් තවත් සමහරුන්ට දිවා කාලයේත් රාත්‍රී කාලයේත් ඇති විය හැකියි. ස්‌නායු පද්ධතියේ ඇති වන දුර්වලතා නිසා තමයි අත්පා හිරිවැටීම මෙම රෝගීන්ට ඇති වන්නේ. දියවැඩියා රෝගය වැළඳීමත් සමඟ ස්‌නායු පද්ධතියට නිසි පෝෂණ තත්ත්වයක්‌ නොලැබීම මේ සඳහා හේතු වෙනවා.
* දියවැඩියා රෝගීන්ට බලපාන තවත් රෝග ලක්‍ෂණ ඇති ඒ මොනවාද?
බොහෝ විට ඇති වන රෝග ලක්‍ෂණයේ තමයි මළ බද්ධය,මළ බුරුලට යැම, ඒත් සමඟම සම මත ඇති වන කැසීම, පළු දැමීම, වැනි සමේ රෝගද හිස කැක්‌කුමද ඇති විය හැකයි.
නින්ද නොයැම, මුඛයෙන් අධික දුර්ගන්ධයක්‌ පිටවීම, කේන්ති යැම, පීනස්‌ රෝග උග්‍රවීම, ඇස්‌ වියළීම, කඳුළු ගැලීම වැනි රෝග ලක්‍ෂණද බහුලවම ඇති විය හැකියි.
* මෙම රෝගය ආයුර්වේද ප්‍රතිකාරවලින් සුව කළ හැකිද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක –
අනිවාර්යයෙන්ම ආයුර්වේද ප්‍රතිකාර නිසි සුදුසුකම් ඇති වෛද්‍යවරයකුගෙන් ලබා ගත්තොත් රෝගය සුව කර ගත හැකියි. විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී ඔවුන් නිවැරදි ලෙස පරීක්‍ෂා කිරීමෙන් පසු නිවැරැදි රෝග ලක්‍ෂණ හඳුනාගෙන ඒවාට නිසි ලෙස ප්‍රතිකාර ලබා දීමෙන් රෝගය සුවකර ගත හැකියි. කාර්ය බහුල අයට පවා ලබාගත හැකි ලෙස අපගේ ඖෂධ සකසා ඇති බැවින් බොහෝ දෙනා දැන් ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන රෝග සුවකර ගන්නවා.
divaina.com

Related posts

අපි බංකොලොත්කමින් මිදෙන්නයි යන්නේ… දැන් ජනතාවට සහන ලැබෙනවා…

Shiran Viraj

අස්වැසුම තව දෙයි.. දෙවන වටයේ සංගණන අරඹයි…

Shiran Viraj

සිරිපා කරුණාවට විශේෂ දුම්රියක් අද සිට

Shiran Viraj
Translate »