mediahumanrights.lk
Local NewsNews

අල්ලස් ගත් දොස්තර යළි රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයා සහ පෞද්ගලික රසායනාගාරයක නිලධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 24 වන දින දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
සැකකාර වෛද්‍යවරයාගේ ජංගම දුරකථනය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් කොමිසම වෙත අධිකරණය අවසර ලබාදී තිබේ.
සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ලබන 27 වනදා සලකා බලන බව  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ප්‍රකාශ කළ බව අධිකරණ වාර්තාකරු පැවසුවේය.
(under the courtesy of adaderana news web)

Related posts

මැතිවරණයෙන් පසු එජාපය ආණ්ඩුවට… ජාතික ආණ්ඩුවක්.. රවි ප‍්‍රබලයෙකු සමගින් සාකච්චා..?

Shiran Viraj

බිළිඳියකගේ සිරුරක් ලක්ෂපාන දියඇල්ල පහළින් හමුවෙයි – ඇල්ලෙන් පහළට පැන්න මව අතුරුදහන්

Shiran Viraj

විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් මුදල් ගෙවන නිරෝධායනයට නාමල් විරුද්ද වේ..

Shiran Viraj
Translate »