2026-09-07
mediahumanrights.lk
Local NewsNews

බිළිඳියකගේ සිරුරක් ලක්ෂපාන දියඇල්ල පහළින් හමුවෙයි – ඇල්ලෙන් පහළට පැන්න මව අතුරුදහන්

ලක්‍ෂපාන දියඇල්ලෙන් පහළට පැන අතුරුදහන්ව සිටින දෙදරු මවක් සොයා අද (25) නෝටන්බි‍්‍රජ් පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ප්‍රදේශවාසීන් ද එක්ව සිටිනවා.
මෙම කාන්තාව ඇයගේ මාස දෙකක් වයසැති සිගිතිය සමග ඊයේ (24)  නෝටන්බි‍්‍රජ් කොත්තැල්ලෙන ප‍්‍රජා ශාලාවට රජය මගින් නොමිලේ ලබා දෙන ති‍්‍රපෝෂා ලබා ගැනිමට ගිය බවත් පසුව යළි නිවසට නොපැමිණි බව පවසමින් ඇයගේ ඥාතින් විිසින් නෝටන්බි‍්‍රජ් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.
ලක්‍ෂපාන දියඇල්ලට ඉහළින් වු ටෙබර්ටන් වතුයායේ පදිංචි අතුරුදහන්වී ඇති කාන්තාව දෙදරු මවක් වන අතර ඇයගේ සැමියා කොළඹ ප‍්‍රදේශයේ රැකියාවක නිරත වන බවයි නෝටන්බි‍්‍රජ් පොලිසිය පවසන්නේ.
නෝටන්බි‍්‍රජ් පොලිසිය මගින් අතුරුදහන්ව ඇති දෙදරු මව සහ සිගිතිය සොයා ඊයේ (24) රාත්‍රියේ සිට මෙහෙයුම් සිදු කළ අතර එම මෙහෙයුමේදී ලක්‍ෂපාන දියඇල්ලට පිවිසෙන පියගැට පෙළ අසල තිබි ඇයගේ බවට සැක කෙරෙන ඇඳුමි කිහිපයක් සොයා ගෙන තිබෙනවා.
ලක්‍ෂපාන දියඇල්ලට පහළින් පොලිසිය හා ප‍්‍රදේශවාසින් සිදුකළ මෙහෙයුමකදි අතුරුදහන්ව සිටි සිගිතියගේ සිරුර අද (25) පෙරවරුවේ ලක්‍ෂපාන දියඇල්ලට පහලින් කොත්තැල්ලෙන පෞද්ගලික ජල විදුලි බලාගාරයට ජලය බෙදා හරින ආරක්‍ෂිත දැලක තිබි පසුව සොයා ගැනුණා.
එම සිගිතියගේ සිරුර ලක්‍ෂපාන ප‍්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර අතුරුදහන්ව සිටින දෙදරු මව සොයා ලක්‍ෂපාන දියඇල්ලට පහළින් කෙසෙල්ගමු ඔයේ පොලිසිය හා ප‍්‍රදේශවාසින් යලිත් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

සියළුම රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…

Shiran Viraj

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය පිළිබඳව දැඩි විනය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි

Shiran Viraj

සුදුසුකම් සහිත පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන රටතුළ පිහිටුවිය යුතුයි

Shiran Viraj
Translate »