mediahumanrights.lk
Local News News

දින 3 ක් සිට අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළසිරුරක් කුරුවිට පතල් වළකින් මතුවෙයි

කුරුවිට, පැරඩයිස්, රණසිංහ ප්‍රදේශයේ අතහැර දමන ලද පතල් වළකට වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
සිද්ධියෙන් මියගිය ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි කනහැලගේ කරුණාරත්න නැමති 60 හැවිරිදි පුද්ගලයෙකි.
නිවසට අඩි 30ක් පමණ දුරින් වූ මෙම පතල් වල සම්පූර්ණයෙන් ජලයෙන් පිරී තිබූ බව සඳහන්.
මියගිය පුද්ගලයාගේ පුතා තම පියා දින 3 ක් නොදුටු නිසා මේ බව පොලිසියට දැනුම් දී තිබෙනවා.
තම නිවසසෙහි දොර ජනෙල් හැර තිබුණත්  පියා නිසෙහි නොසිටි බවයි පුතා පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
නිවෙසට හා ප්‍රදේශය පුරා විශාල ලෙස දුර්ගන්ධයක් පැතිර යන බැවින්ද නිවෙස අවට සෝදිසි කිරීමේදී නිවෙසට අඩි 30ක් පමණ දුරින් වූ අතහැර දමන ලද ජලය පිරුණු විශාල පතල් වළක මියගිය පුද්ගලයාගේ සිරුර මුණින් අතට පාවෙමින් තිබියදී සොයා ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි වාර්තා වුණේ.
(under the courtesy of hirunews news web)

Related posts

ලංකාවේ ගණිකා වෘත්තිය තහනම් නෑ…

Shiran Viraj

ද්විත්ව පුරවැසියන්ට මේ රටේ තීරණ ගන්න ඉඩ දෙන්න බෑ – 20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැති වෙනවා- මැදගොඩ අභයතිස්ස හිමි

Shiran Viraj

ඇදිරිනීතිය මැද වුවත් මාර්ග ඉදිකිරීම නවත්වන්නේ නෑ..

Shiran Viraj