mediahumanrights.lk
Local NewsNews

පෙම්වතා සමඟ යතුරුපැදියේ ගිය පෙම්වතිය අනතුරකට ලක්ව අවාසනාවන්ත ලෙස මියගිය හැටි CCTV කැමරාවේ

අපරික්ෂාකාරී ලෙස ජීප් රථයක දොර විවෘත කිරීම හේතුවෙන් මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණියක් මියගොස් තිබෙනවා.
අනතුර සිදුව ඇත්තේ කිරිබත්ගොඩ ගාල ප්‍රදෙශයේදීයි.
මෙලෙස මියගොස් ඇත්තේ නීතා ගමගේ නමැති බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණියක්.
ඇය සිය පෙම්වතා සමඟ යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදීයි මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව මියගොස් ඇත්තේ.
යතුරුපැදිය මහනුවර කොළඹ මාර්ගයේ ගමන්කරමින් සිටියදී මාර්ගය අසල නවතා තිබූ ජීප් රථයේ දොර අපරික්ෂාකාරි ලෙස විවෘත කරනු ලබනවා.
එහිදී එක්වරම විවෘත කළ දොරෙහි ගැටෙන යතුරු පැදිය අනතුරට ලක්ව පෙරළී යනවා.
ඒ සමඟම යතුරුපැදියට දකුණුපසින් ගමන්කරමින් තිබූ ටිපර් රථයට යටවීමෙනුයි තරුණිය අවාසනාවන්ත ලෙස මරණයට පත්වන්නේ.
අනතුරින් යතුරුපැදිය පැදවූ පෙම්වතා සුළුතුවාල ලබා ඇති බවටයි වාර්තා වන්නේ.
අදාළ අනතුර සිදුවන අතර එම ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණේ මේ අයුරින්.
සංවේදී දර්ශන සහිතයි.
(under the courtesy of hirunews news web)

Related posts

ජාතික ව්‍යසනය හේතුවෙන් ‘ශ්‍රී ලාංකිකයන්ගේ දිනය’ අවලංගු කරයි

Shiran Viraj

අම්මා සමග යතුරුපැදියෙන් යද්දි ලොරියට යටවී 07 හැවිරිදි දරුවා මිය යයි… ප්‍රදේශවාසීන් රියදුරුට පහර දෙති..

Shiran Viraj

ටිකෙන් ටික වෙනස් වූ ශ්‍රී ලංකා සිතියමේ අලුත්ම පෙනුම – කොටස් 70ක වෙනස්කම් අවසන්

Shiran Viraj
Translate »