mediahumanrights.lk
Local NewsNewsPolitical

වත්මන් ආණ්ඩුව රටම අරාජික තත්ත්වයට පත් කරලා

වත්මන් ආණ්ඩුව රටම අරාජික තත්ත්වයට පත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද මේ වන විට ගැටළු මතුව ඇති බවයි.
මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
අධිකරණය බාරයේ ඇති නඩු භාණ්ඩ ඉතා කඩිනමින් අධිකරණ භූමිවලින් ඉවත් කිරීමට අවශ්‍ය  කටයුතු සම්පාදනය කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අධිකරණ භුමිවල ඇති නඩු භාණ්ඩ හේතුවෙන් පාරිසරික ගැටළු ද ඇති වීමේ අවදානමක් පවතින බවයි.
මේ හේතුවෙන් නඩු භාණ්ඩ ඉතා කඩිනමින් අයිතිකරුට පැවරීම හෝ එසේ කළ නොහැකි භාණ්ඩ වෙන්දේසි කිරීමට අවශ්‍ය නීතිමය  පියවර ගැනීමට බලාපොරොත්තු වන බව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළේය.
අධිකරණ පරිශ්‍රවල ඩෙංගු මදුරු මර්දන වැඩපිළිවෙළකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

මුස්ලිම් ජාතික කොරෝනා මෘතදේහ භූමදානයට තලෙයිමන්නරාම දුපත යෝජනා වෙයි…

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට පැරදුනත් ජයක්.. මීලග ලෝක කුසලානයේ කෙලින්ම සුපිරි වටයට..

Shiran Viraj

නීති විරෝධී ආහාර තොග ගබඩා රට පුරා වටලන්නයි පොලිසියට, දිසාපතිලාට නියෝගයක්..

Shiran Viraj
Translate »