mediahumanrights.lk
Local NewsNews

මෙරට සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන්නැයි ඉල්ලීමක්

මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස තමිල්නාඩු මුදල් අමාත්‍ය ඩි.ජයකුමාර් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කර තිබේ.
තමිල්නාඩු මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව භාරයේ ඇති ඉන්දීය යාත්‍රා   කඩිනමින් නිදහස් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉන්දීය මධ්‍යම රජය විසින් ගත යුතු බවය.
මේ වන විට තමිල්නාඩු ධීවරයින් හතලිස් දෙදෙනෙකු ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින අතර ධීවර යාත්‍රා 141ක් මෙරට භාරයේ ඇති බව වාර්තා වේ.
අදාළ ධීවරයින් සහ යාත්‍රා නිදහස් කරගැනීමට රාජතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වීමක් සිදුකරන ලෙස තමිල්නාඩු මුදල් අමාත්‍ය ඩි.ජයකුමාර් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ්ගෙන් ලිඛිතව ඉල්ලා ඇත.
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා විසින් මෙම ගැටළුව පිළිබදව අවස්ථා ගණනාවකදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලිඛිතව දැනුම් දී තිබුණ ද මෙතෙක් ඊට විසදුම් ලැබී නොමැති බව   තමිල්නාඩු මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඉන්දු ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් ස්ථීර විසදුමක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඩි.ජයකුමාර් මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරියගෙන් ඉල්ලා තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට

Shiran Viraj

සුවවිරුවන්ට එරෙහි මර්දනයක් : 1990 සුවසැරිය නවතින ලකුණු!

Shiran Viraj

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් කරන්නෑ..- ජනපති

Shiran Viraj
Translate »