23.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

මෙරට සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන්නැයි ඉල්ලීමක්

මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස තමිල්නාඩු මුදල් අමාත්‍ය ඩි.ජයකුමාර් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කර තිබේ.
තමිල්නාඩු මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව භාරයේ ඇති ඉන්දීය යාත්‍රා   කඩිනමින් නිදහස් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉන්දීය මධ්‍යම රජය විසින් ගත යුතු බවය.
මේ වන විට තමිල්නාඩු ධීවරයින් හතලිස් දෙදෙනෙකු ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින අතර ධීවර යාත්‍රා 141ක් මෙරට භාරයේ ඇති බව වාර්තා වේ.
අදාළ ධීවරයින් සහ යාත්‍රා නිදහස් කරගැනීමට රාජතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වීමක් සිදුකරන ලෙස තමිල්නාඩු මුදල් අමාත්‍ය ඩි.ජයකුමාර් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ්ගෙන් ලිඛිතව ඉල්ලා ඇත.
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා විසින් මෙම ගැටළුව පිළිබදව අවස්ථා ගණනාවකදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලිඛිතව දැනුම් දී තිබුණ ද මෙතෙක් ඊට විසදුම් ලැබී නොමැති බව   තමිල්නාඩු මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඉන්දු ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් ස්ථීර විසදුමක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඩි.ජයකුමාර් මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරියගෙන් ඉල්ලා තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

ජයග්‍රහණයේ සතුටට අමුතු වැඩක් කළ පොහොට්ටු අපේක්ෂකයෙක්

Shiran Viraj

වැස්ස නෑ… ඉන්ධන නෑ.. රට පුරා විදුලි කප්පාදුවක්..

Shiran Viraj

අලි ඝාතනයට මරණ දඬුවම – පූජ්‍ය රාහුල හිමි රජයට දැඩි චෝදනා නගයි

Shiran Viraj
Translate »