mediahumanrights.lk
Local News News

ලංවිම ජාතික මහා සමුළුවේදී වැදගත් තීරණ රැසක් ගන්නවා

ලංකා විදුලිබල මණ්ඩලයේ සියළු වෘත්තීය සමිති විසින් ඒකාබද්ධව අද(28) පවත්වන ජාතික මහා සමුළුවේදී වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිත බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය විසින් ගෙන යන අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව  මෙම තීරණ වලට එළඹෙන බවය.කෙසේවෙතත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඊයේ(27) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ වෘත්තීය ගැටළු සඳහා  සාධාරණ විසදුම් ලබාදීමට හැකියාව පවතින බවය.
(under the courtesy of nethfm news web)

Related posts

දකුණු සහ නැගෙනහිර ආසීයානු රටවල සෞඛ්‍ය සමුළුවට ඇමති රාජිත මාලදිවයිනට

Shiran Viraj

''මෙහෙම වැඩ කරන්න දෙන්න බෑ'' – ජනපතිගෙන් අගමැතිට දෝස්මුරයක් !

Shiran Viraj

උණුකර ගත් ජලය හෝ බෝතල් කල ජලය පමණක් බීමට ගන්න

Shiran Viraj