27.8 C
Colombo
2026-08-21
mediahumanrights.lk
News

විදුහල්පතිවරු අද වැඩ නෑ

විදුහල්පතිවරුන් හට පවතින ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් බලධාරීන්ගේ නිසි මැදිහත්වීමක් සිදුවී නොමැති බව ගුරු – විදුහල්පති පෙරමුණ පවසයි.එහි කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා පැවසුවේ මෙම ගැටළු වලට විසදුම් ඉල්ලා අද(28) දිනයේ උද්ඝෝෂණයක් සිදු කරන බවය.  අපේ රටේ 25000ට අධික විදුහල්පතිවරු පීඩාවට පත්ව ඇති බව එම මහතා පවසයි.එමෙන්ම උසස් වීම් ලබා ගැනීමේදී , ස්ථාන ගත කිරීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන්  හා වැටුප් ලබා දීමේදී විදුහල්පතිවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව එම මහතා කියා සිටියේය. පුහුණු වීම්, විදෙස් සංචාර ආදිය සඳහා තෝරා ගැනීමේ දී විධිමත් ක්‍රමවේදයක් නොමැති බවද එම මහතා පෙන්වාදේ.
(under the courtesy of nethfm news web)

Related posts

සමාජ ශාලා විවෘත කිරීමෙන් පසු දකුණු කොරියාවේ ආසාදිතයින්ගේ වර්ධනයක්

Shiran Viraj

රටේ සියළුම පුද්ගලයන්ට කොරෝනා පරීක්‍ෂණ කිරීමට රජය තීරණය කරයි..

Shiran Viraj

අර්බුදය මුදුනේ සිට කබ්රාල් වැඩ පෙන්නයි.. අඛණ්ඩව ඉන්ධන ගේන්න ඩොලර් දෙන වගකීම බාරගනී…

Shiran Viraj
Translate »