mediahumanrights.lk
Local NewsNewsPolitical

ඩෙංගු මර්දනයේ වගකීම ඍජුවම පළාත් සභා සතුයි

ව්‍යාප්ත වන ඩෙංගු වසංගතය පාලනය කිරීමට නිශ්චිත සහ විද්‍යාත්මක වැඩපිළිවෙලක අවශ්‍යතාව මෙන්ම පෞද්ගලිකව තම නිවාස, පරිශ්‍ර හා ආයතන පවිත්‍රතාව පිළිබඳ වගකීම සෑම පුරවැසියෙකු විසින්ම දැරිය යුතු වීම ඩෙංගු මර්දනයේ ප්‍රමුඛතාව බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ අද වන විට සමස්ත දිවයින් පුරාම පැතිර බවත් කිසිදු භේදයකින් තොරව එය සමාජය පුරා පැතිර යන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත.
එමෙන්ම පළාත් පාලන ආයතන සහ වෙනත් රජයේ ආයතන වෙත ඍජුවම ඩෙංගු මර්දනය කිරීමේ වගකීම පැවරෙන බවත් අද වනවිට පළාත් සභා සහ පළාත්පාලන ආයතන බල ප්‍රදේශවල පවතින කැලි කසළ ගැටළුව ද ඩෙංගු මර්දනයට ප්‍රධානම බාධකයක් වී ඇති බවද අමාත්‍යවරයා පවසයි.
පළාත් සභා සහ පළාත් පාලන ආයතන පරිපාලන ව්‍යුහයන් දිගින් දිගටම කැලි කසළ කළමනාකරණය කිරීමේ ජාතික අවශ්‍යතාවයට මුහුණ දීමට අපොහොසත්ව තිබීම දැවැන්ත සමාජ අර්බුදයක් බවත් මධ්‍යම රජයේ මුල්‍ය ප්‍රතිපාධන මත මෙන්ම  ජනතා බදු මුදල් එකතු කිරීමෙන් යැපෙන පළාත් සභා සහ පළාත් පාලන ආයතන කසළ කළමනාකරණයේ දී පෙන්වා ඇති අසමත් බව මෙන්ම ඒ හරහා උත්සන්න වී ඇති ඩෙංගු ව්‍යසනයේ අවසන් වගකීමද මධ්‍යම රජයට ම දැරීමට සිදු වීම අතිශය ගැටලුකාරී තත්වයක් බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.
(under the courtesy of adaderana news web)

Related posts

"බුදුන්ගේ පච්චය තියෙන්නේ ඕන ඉණට ඉහළින්ආ..යෙත් ලංකාවට ගියොත් කරදර කරන්න පිරිසකුත් ඉන්නවා" – අධිකරණයෙන් වන්දි දුන් සුදු කත කියන කතාව

Shiran Viraj

ගෝටා දිනවන්න ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණ වේදිකාවට..

Shiran Viraj

Oct 100 පෙට‍්‍රල් මෙරට අලෙවිය අරඹයි.. ලීටරයක් 793යි…

Shiran Viraj
Translate »