2026-01-17
mediahumanrights.lk
Local NewsNews

තැපැල් වර්ජනය තවදුරටත්

අද දිනයේත් සිය වර්ජනය ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ (28) පස්වරුවේ තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් සමග පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි.
ඓතිහාසික වටිනාකමක් සහිත තැපැල් කාර්යාල හෝටල් ව්‍යාපෘතියකට ලබාදීම සහ පරිපාලන ගැටලූවලට විසඳුම් ලබා නොදීමට විරෝධය පල කරමින් තැපැල් සේවකයින් අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළේ 26 වනදා මධ්‍යම රාත්‍රියේ සිටයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු අනෙකුත් තැපැල් කාර්යාවල ලිපි ලක්ෂ 4 කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

එච්.අයි.වී බෝවීම ගැන සාවද්‍ය ප්‍රකාශ සමාජගතවෙලා

Shiran Viraj

ඒකාබද්ධ විපක්ෂයේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගැන තීරණය මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදී

Shiran Viraj

පාසැල් අදියර කිහිපයකින් අරඹන්නේ මෙහෙමයි..

Shiran Viraj
Translate »