24.5 C
Colombo
2025-12-16
mediahumanrights.lk
Local NewsNews

කිරි බිම හැලුව ගොවීන්ට ජනපති එන්න කියයි

කිරි ගොවීන් මුහුණ පා ඇති ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලන නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (29) උදෑසන පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. අද පැවැත්වෙන සාකච්ඡාවේ දී කිරි ගොවීන්ට විසඳුමක් ලැබෙනු ඇති බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න කියා සිටියේ.
අද පැවත්වෙන සාකච්ඡාවේ දී විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේ දී කිරි ගොවීන් කොළඹට කැඳවන බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.
කෙසේ වෙතත් කිරි ගොවීන්ගෙන් කිරි එක් රැස් කිරීමේ කටයුතු අඩාල වූ ඉකුත් සමයේ පැවති ගං වතුර තත්ත්වය හේතුවෙන් බවයි ග‍්‍රාමීය කටයුතු අමාත්‍ය පී හැරිසන් කියා සිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

උෂ්නත්වය ඉහලට.. එලිමහනේ සේවය කරන්නන්ට සෞඛ්‍ය උපදෙස්…

Shiran Viraj

රාජ්‍ය ගිණුම්කාරක සභාවේ වාර්තාව අනුව රාජ්‍ය ආයතන 50%ක් අයහපත් මට්ටමක

Shiran Viraj

සිපෙට්කෝ තෙල් පිරවුම්හල් වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමට තීරණය කිරීම ගැන ඉන්දියාවට මම ස්තූතිවන්ත වෙනවා..- ජනාධිපති

Shiran Viraj
Translate »