2026-07-08
mediahumanrights.lk
Local NewsNews

අලි ප්‍රහාරයෙන් දැරියක් නොඑන ගමන් යයි

සේරුනුවර කාවන්තිස්සපුර ප්‍රදේශයේ දී  වන අලි පහරදීමකින් කුඩා දැරියක් මියගොස් තිබේ.
සේරුනුවර කාවන්තිස්ස පුර මංගල වැව මාර්ගයේ ගමන් කරමින් සිටියදී එම දැරිය වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.
මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ කාවන්තිස්සපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු හයක දැරියකි.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය ඥාතීන්ට බාරදී ඇති අතර සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(under the courtesy of adaderana news web)

Related posts

මාර්තු උද්ධමනය සියයට 8.6 දක්වා ඉහළට

Shiran Viraj

කොරෝනාට අප නැවැත්විය නොහැකියි.. ලෝකයම බිය වෙද්දී අප කොරෝනා නොතකා ඉදිරියට යනවා..

Shiran Viraj

පෙර දස්කම් බලාපොරොත්තු වෙන්න එපා – සංගා ක්‍රීඩා ලෝලීන්ට කියයි

Shiran Viraj
Translate »