26.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියෙහි එන්ජිම ගැලවෙයි – ඡායාරූප

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය මැදිරිවලින් ගැලවී එහි එන්ජිම අඩි 30ක් පමණ ඉදිරියට ධාවනය වී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ හැටන් – සිංගිමලේ උමං මාර්ගය අසළ දී අද පස්වරුවේ මෙලෙස දුම්රියේ එන්ජිම ගැලවී ගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, සිද්ධියෙන් දුම්රියෙහි ගමන් ගත් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැහැ.
මැදිරිවලින් වෙන් වූ එන්ජිම පසුව නැවතත් එක් කිරීමට දුම්රිය රියදුරන් කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත්, එම දුම්රිය යළි ගමන් ආරම්භ කිරීමෙන් පසු නැවතත්, දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

Rapid Test Kit කොරෝනා පරීක්‍ෂණ අසමත් වේ.. 50%ක් රෝගීන් හදුනාගෙන නෑ..

Shiran Viraj

අර්බුදයෙන් පීඩාවට පත් ශ‍්‍රී ලංකාවට ඕස්ටේ‍්‍රලියාවෙන් සහල් තොග…

Shiran Viraj

බිහිසුණු තත්ත්වයක්! මහා පරිමාණ නාය යාම්වල මෙහෙයුම් නවතී: පස් යට තවත් විශාල සිරුරු සංඛ්‍යාවක්?

Shiran Viraj
Translate »