28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

සාරංග ඉස්සරහම උමාලිට ලැබුණු හොඳම නිළිය සම්මානයෙන් පස්සේ, සාරංග මුහුණු පොතට දැම්ම අමුතු සටහන – Photos

13 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිළිය සම්මානය ලබාගත්තු උමාලි සාරංගට වේදිකාවේදී කියපු කතාව ගැන අපි ඔබට කිව්වා.
ඇස්වල කඳුලු පුරවගෙන අදහස් දක්වපු උමාලි සම්මානය ලබාගත්තු මොහොතේ වේදිකාවේ නිවේදන කටයුතු සිදුකරමින් සිටියේ සාරංග දිසාසේකර.
විවාහය දෙදරා ගියා කියලා කවුරු අතරත් ආන්දෝලනාත්මක පුවත් මවපු සාරංග උමාලි දෙන්නා ඒ ගැන හරි කතාවක්නම් කියලා තිබුණේ නෑ.
හැබැයි මේ කතාවට කදිම සාක්ෂියක් සපයන පිළිතුරක් සාරංග තමන්ගේ ෆේස්බුක් ගිණුමේ අද සටහන් කරලා තිබුණා.
ඒ තමයි ”කුමාරයයි, වැද්දයි, පිය රජතුමයි… අන්තිමට රට වැසියොයි ඔක්කොම අන්ඳපු අපේ කාලයේ මනමේ කුමරිය වේදිකාවට සැපත්වූ වගයි.” යනුවෙන්.
ඒ වගේම උමාලි ලබාගත්තු සම්මානය ගැන සාරංගගේ මිතුරෙක් ෆේස්බුක් ගිණුමේ “අයියේ අක්කේ මම උබලා දෙන්නට මෙච්චර ආදරේ මේ අව්‍යාජ බව නිසයි” යනුවෙන් සටහනක් තබා තිබුණා.
එයට අදහසක් එක්කරමින් සාරංග කියලා තිබුණේ මල්ලිත් අන්ධ වෙලානන්, රට්ටු ගැන තව මොන කතාද? අකමැත්තෙන් හරි ඇත්තම කියන්න කාලෙ හරි වගේ” යනුවෙන්.
කොහොම වුණත් මේ පැතිර යන කටකතාවලට ලොකු උත්තරයක් සාරංගගේ මේ කතාව ඇතුලේ තියෙනවා කියලයි අපිටනම් හිතෙන්නේ.
සාරංග තැබූ සටහන සහ අදහස පහතින්…
(under the courtesy of adaderana news web)

Related posts

සංචරණ සීමා ඉක්මවූ තීන්දුවක්..- අගමැති

Shiran Viraj

පොලිසියට ඇති සුවිශේෂී බලය ගැන මතක් කරයි

Shiran Viraj

චීනයේ මරණ සංඛ්‍යාව 426ක් වෙයි – ආසාධිතයින් 20625ක්

Shiran Viraj
Translate »