mediahumanrights.lk
Local NewsNews

"අද ඇරඹෙන තැපැල් වර්ජනයට 25000ක් සහය දෙයි"

අද (26) මධ්‍යම රාත‍්‍රියේ ආරම්භ කරන සිය වැඩ වර්ජනයට තැපැල් සේවකයින් 25000කට අධික සංඛ්‍යාවක් එක්වීමට නියමිත බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ වර්ජනය හේතුවෙන් සියලු තැපැල් සේවා අඩාල වනු ඇති බවයි.
කෙසේ වෙතත් වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් සේවා අඩාල වීමට ඉඩ නොතබන බවයි විෂයභාර අමාත්‍ය අබ්දුල් හලීම් පැවසුවේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා මේ වනවිටත් මූලික අවධානය යොමු කර ඇති බවයි.
සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳා ගැනීමට  ඕනෑම අවස්ථාවක සූදානම් බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියා.
තැපැල් සේවකයින් අද මධ්‍යම රාත‍්‍රියේ සිට මෙලෙස වැඩ වර්ජනයක නිරත වන්නේ ඉල්ලීම් 03ක් මුල් කර ගනිමින්. නුවරඑළිය, මහනුවර හා ගාල්ල කොටුව යන තැපැල් කාර්යාල ඉවත් කර එම ගොඩනැගිලිවල සංචාරක හෝටල් ආරම්භ කිරීමට ගෙන ඇති තීරණය ඉවත් කිරීම ඔවුන්ගේ ප‍්‍රධාන ඉල්ලීමයි.
පුද්ගලික කුළී ගොඩනැගිල්ලක පවත්වාගෙන යන ප‍්‍රධාන තැපැල් කාර්යාලය නැවතත් කොටුව ජනාධිපති මාවතේ පිහිටි ප‍්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීම දෙවන ඉල්ලීම වනවා.
06/2006 චක‍්‍රලේඛය හේතුවෙන් ආයතනයට හා සේවකයින්ට සිදුව ඇති සියලූ අගතීන් ඉවත් වන පරිදි බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම තැපැල් සේවකයින් වැඩවර්ජනයට මූලික කරගෙන ඇති අනෙක් ඉල්ලීමයි.
(under the courtesy of nethfm news web)

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 3ක්-සමස්ත ආසාදිතයින් 452ක්

Shiran Viraj

‘මැණිකේ මගේ හිතේ’ ජනපි‍්‍රය කරවිම ‘රෝ’ ඔත්තු සේවයේ කුමන්ත‍්‍රණයක්..

Shiran Viraj

ඒකාබද්ධ විපක්ෂය රැස්වී මහින්දට දුන් බලය

Shiran Viraj
Translate »