mediahumanrights.lk
Local News News

රාගම කොල්ලයේ සැකකරුවන් කොල්ලකෑමේ මහමොළකරුවන්

රාගම බැසිලිකා විද්‍යාලය අසල ඊයේ (26) සිදු වූ මුදල් කොල්ලය පිළිබඳ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
වත්තල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ රෙදි පිළි අලෙවිසැලක රුපියල් ලක්ෂ 77ක මුදලක් මෙලෙස කොල්ලකා තිබූනේ ගිනි අවි සහිතව මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙක්.
අදාළ මුදල් තොගය කඩවත ප‍්‍රදේශයට රැගෙන යමින් තිබූ බවයි පොලිසිය පැවසුවේ.
කොල්ලකෑමට පැමිණි සැකකරුවන් මීට පෙර මූල්‍ය ආයතන රැසක් කොල්ලකා ඇති පුද්ගලයින් බවට ද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවේ පසු වූ ඔවුන් මේ වනවිට ඇප මත මුදාහැර සිටින පුද්ගලයින් බවයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ. මෙම කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ දිසා බුද්ධි කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
කොල්ලකෑම සඳහා යොදාගත් මෝටර් රථය පැමිණ ඇත්තේ යතුරුපැදියක අංක තහඩු සහිතවයි. එම අංක තහඩුවට අනූව යතුරුපැදිය තලවතුගොඩ ගරාජයකට අයත්ව තිබූ බව ද අනාවරණය වී තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ජපානයෙන් ලංකාවට ලොකු තෑග්ගක්…

Shiran Viraj

ගොඩබිමට ආ දුර්ලභ මත්ස්‍යයා භූමිකම්පාවක පෙර නිමිත්තක් (VIDEO)

Shiran Viraj

නිලවරණයට කලින්ම තිලංග ක්‍රිකට් බලය අල්ලයි.. ක‍්‍රීඩා සංගම් 35ක් ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්න එකග වේ..

Shiran Viraj