mediahumanrights.lk
Local News News

දෙමටගොඩදී වාහන 03 ක් ගිනි ගනී

අද (22) අලුයම දෙමටගොඩ මාර්ගයක ගමන් කරමින් තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ගින්නෙන් එම කාර් රථය මුළුමුනින්ම විනාශ වී ඇති බවයි වාර්තා වෙන්නේ.
දෙමටගොඩ පොලිස් වසමේ දෙමටගොඩ පාර, ශාන්ත අන්තෝනි මාවත දේවස්ථානයක් අසල මාර්ගයකදී මෙම ගිනි ගැනීම සිදු ව තිබෙනවා.
මෙම ගින්න හේතුවෙන් ඒ අසල තිබූ තවත් කාර් රථයකට හා වෑන් රථයකට ගිනි ඇවිලි අලාභ හානි සිදු වුණා. කෙසේවෙතත් දෙමටගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ජනපතිවරයා අගමැතිගේ ආර්ථික කමිටුව අහෝසි කරයි

Shiran Viraj

LTTE යුද්ධය හා JVP භීෂණයෙන් රටට ඩොලර් බිලියන 200ක් අහිමියි..

Shiran Viraj

"මැරෙන බව දැන දැනත් ජීවත් වෙන එකේ , නොලැබෙන බව දැන දැනත් ආදරය කළාට කමක් නෑ" ශලනි තාරකා , දිනක්ෂියී, ශනුද්‍රියි එක්ක පන්සල් ගිහින් – PHOTOS

Shiran Viraj