26.3 C
Colombo
2025-07-31
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

යම රජ්ජුරුවන්ගේ දුව

තාරුකා වන්නිආරච්චි මේ දවස්වල ජනප්‍රියම නිළියක්. ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට වගේම ටෙලි නාට්‍යත් මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වෙනවා. කොහොම වුණත් තරුකා නවතම චිත්‍රපටයක අපූරු චරිත නිරුපණයක නියෙලෙන පුවතක් අපිට ආරංචි වුණා. මේ ගැන ඇගෙන්ම අපි විමසා බැලුවා.
‘මම රංගනයෙන් දායක වෙන නවතම චිත්‍රපටය තමයි‘රීලෝඩ්‘.එය අධ්‍යක්ෂණය කරන්නේ සුසන්ත ධර්මප්‍රිය. ‘ඇමැතිවරයෙක් අපායට යනවා. අපායට මේ තරමටම මිනිස්සු එන්නෙ ඇයි කියල හොයල බලන්න යම රජ්ජුරුවො තමන්ගේ දුවව මනුස්ස ලෝකෙට එවනවා. ඒ හා බැඳුණු අපූරු සංසිද්ධින්වලින් මේ චිත්‍රපටය යුක්තයි. මම රඟපාන්නේ යමරජ්ජුරුවන්ගේ දුව විදිහට. එය මට අලුත්ම අත්දැකිමක්. මගේ ප්‍රේක්ෂකයන්ටත් අලුත්ම අත්දැකීමක් වේවි.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

බැඳුම්කර වාර්තාව ගැන නිදහස් සන්ධානය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

Shiran Viraj

රටවල් 59ක සංචාරකයන් නිරෝධායනයෙන් නිදහස් කිරීමට එංගලන්තය තීරණය කරයි

Shiran Viraj

විදුලි උපකරණ භාවිතය අඩු කලොත් විදුලිය කපන්නෑ…

Shiran Viraj