2026-01-15
mediahumanrights.lk
NewsSportsSports News

ශූරයින්ගේ කුසලානය තුරුලුකරන් පාකිස්ථාන නායකයා කියපු කතාව

අයි.සී.සී. ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව පාකිස්ථානය ඊයේ දිනා ගත්තේ ඉන්දියාව ලකුණු 180කින් පරාජය කරමින්.
පකිස්ථාන කණ්ඩායම අයි.සී.සී චැම්පියන්ස් කුසලානයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය වන අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ජයග්‍රහණයත් සමග පකිස්ථාන ක්‍රීඩාලෝලීන් උද්දාමයට පත්ව ඇති බවයි.
ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයෙදි ඊයේ පැවති අවසන් මහා තරඟය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පකිස්ථාන කණ්ඩායම තමන් නවාතැන්ගෙන සිටින හෝටලය වෙත පැමිණි අවස්ථාව විශේෂ එක්ක වුණා.
එහිදී පකිස්ථාන කණ්ඩායමේ ක්‍රීඩකයන් සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් තම අදහස් පල කර සිටියා.
පකිස්ථාන කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් පවසා සිටියේ සිය ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දැක්වූ සියලු දෙනාට ස්තූතිවන්ත වන බවත් පකිස්ථානයට ජය වේවා යනුවෙන්.
එම අවස්ථාව පහතින්.
(under the courtesy of hirunews news web)

Related posts

ඊසාන දිග මෝසම් පෙර සූදානම: උතුරු පළාතට සාමාන්‍යයට වඩා වැඩි වැසි; නාය යෑමේ අවදානම ඉහළට

Shiran Viraj

95" තවමත් හිඟයි! රට තැන තැන තෙල් හිඟය තවමත්

Shiran Viraj

රාජිත නම් දේශපාලන මහෝඝය සිරකල ගෝටාභය දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා..

Shiran Viraj
Translate »