28.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

වැස්ස තවදුරටත්! නායයාම් අවධානම දිගුවෙයි

වර්ෂාපතනය ඉදිරි පැය 24 තුලත් පැවතිය හැකි බැවින් නායයාමේ සහ කණ්ඩි කඩා වැටීමේ අවදානම තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත‍්‍රික්ක සඳහායි. ශීඝ‍්‍ර බෑවුම් සහ අනතුරුදායක නිර්මිත බෑවුම් ආසන්නයේ ජීවත් වන පුද්ගලයින් ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා. ගස් හෝ කණු ආදිය ඇදවී යාම, භූමියේ, ගොඩනැගිලිවල හෝ රැඳවුම් තාප්පවල ඇතිවීම, භූමියෙන් හෝ දිය උල්පත්වලින් ක්ෂණිකව මඩවතුර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතුයි.
මේ අතර බස්නාහිර, සබගරමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත‍්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක් දත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව ස`දහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

බස්නාහිර ආණ්ඩුකාරගෙ සමාගම පොල් රට පටවා ඩොලර් ඩුබායිවල හංගනවා.. පොල් හිගයට හේතුව එයයි..- විමල්

Shiran Viraj

හිටපු ඇමති පුතා පැදවූ රථය අනතුරකට

Shiran Viraj

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Shiran Viraj
Translate »