25 C
Colombo
2026-08-26
mediahumanrights.lk
Local NewsNews

හූනියම ගැන ගුප්ත විශ්වාස පර්යේෂකයින් සහ සමාජ විද්‍යා ප්‍රවීණයින් කතා කරයි

මිනිසුන්ට වින කරන බව පැවසෙන් හූනියම් සම්බන්ධයෙන් සමාජය තුළ යළි කතාබහක් මතුව තිබෙනවා.
ඒ, ජනාධිපතිවරයාට වින කරමින් සිදු කළ බව කියන හූනියමක් සහිත තඹ පති‍්‍රකාවක් කැබිතිගොල්ලෑව ප‍්‍රදේශයෙන් සොයා ගැනීමත් සමගයි. එම තඹ පත‍්‍රිකාවේ ජනාධිපතිවරයාට අමතරව අමාත්‍ය දුමින්ද දිසානායකගේ සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් කොටා තිබූ බවටයි වාර්තා වන්නේ. මෙම පිරිසගේ රුප සටහන් ද තඹ පත‍්‍රිකාවේ ඇඳ තිබූ බව ද වාර්තා වුණා.
දියුණු යැයි පැවසෙන සමාජයක තවදුරටත් මෙවැනි ගුප්ත විශ්වාස පැවතීම සහ ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ  යළි විමසා බැලීමට තීරණය කළේද මෙම සිද්ධිය පදනම් කර ගනිමින්.
ගුප්ත විශ්වාස පර්යේෂක තිලක් සේනාසිංහ සඳහන් කළේ මෙම සිද්ධිය සමගින් වර්තමාන සමාජයත් මොන තරම් ගුප්ත ලෝලීත්වයකින් පෙළෙන්නේදැයි හඳුනා ගන්නට හැකි වූ බවයි.
කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කුමුදු සුමේධා මේ සම්බන්ධයෙන් පළ කළේ වෙනත් අදහසක්. එහිදී සඳහන් කෙරුණේ පැරැණි සමාජයේ අනෙකා පාලනය කිරීමට යොදා ගත් ආයුධ අද සමාජයත් විශ්වාස කරමින් යන බවත් විද්‍යාව සහ තාක්ෂණය කොයි තරම් වේගයෙන් දියුණු වුවද මිනිසාගේ සිතුවිලි දියුණු වන්නේ බොහෝ සෙමින් බවද පැවසුවා.
මෙම අභිචාර ක‍්‍රම සහ ගුප්ත විශ්වාසවල සත්‍ය අසත්‍යතාව නවීන විද්‍යාව තුළින් ඔප්පු කිරීමට හැකි වී නොමැති බවයි ආචාර්ය කුමුදු සුමේධා කියා සිටියේ. ඒ අනුව මේ තුළින් මිනිසුන්ට යම් බලපෑමක් සිදු කළ හැකිද යන්න පිළිබඳව විද්‍යාව තුළින් පැහැදිළිව හඳුනාගැනීමක් සිදුව නොමැති බවද සඳහන් කෙරුණා.
මෙවැනි මිත්‍යා විශ්වාස තුළින් ජනතාව නොමග යවමින් සිදු කළ විවිධ ක‍්‍රියාකාරකම් සහ ඒ ඔස්සේ ගොඩනැගුණු ජාවාරම් පිළිබඳ නෙත් එෆ් එම් බැලුම්ගල ඔස්සේ ද දිගින් දිගටම ජනතාව දැනුවත් කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

රට වහනවා නම් අඩු ආදායම් ආහාර මල්ලක් ලබාදිය යුතුයි…

Shiran Viraj

පොළොන්නරුව ගල්විහාර පුදබිමේ අලූත් සහල් මංගල්‍යය ජනපති ප‍්‍රධානත්වයෙන්

Shiran Viraj

රුපියල පා කරනු.. නිදහසේ තීරණය වීමට ඉඩ දෙනු..- IMF දැනුම් දේ..

Shiran Viraj
Translate »