27.2 C
Colombo
2026-09-22
mediahumanrights.lk
Local NewsNews

මුතුරාජවෙල අභය භූමියට කසල බැහැර කිරීම වළක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මුතුරාජවෙල අභය භූමියට කොළඹ මහනගර සභාව මගින් කසළ බැහැර කිරීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.
ඒ, මුතුරාජවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් තිස්පස් දෙනෙකු විසින්.
පසුගිය අප්‍රේල් 20 වනදා සිට කොළඹ නගරයෙන් බැහැර කෙරෙන කසළ මුතුරාජවෙල අභය භූමියට බැහැර කෙරෙනවා.
මේ හේතුවෙන් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මුතුරාජවෙල ප්‍රදේශයේ ජෛව විවිධත්වයට හානිකර තත්ත්වයක් මතුව ඇති බව පෙත්සම්කරුවන් සිය මූලික අයිතිවාසිකම් පෙත්සමේ දක්වා තිබෙනවා.
දිගින් දිගටම කසළ බැහැර කිරීමෙන් ඒ අවට ප්‍රදේශවාසීන්ට සහ පරිසරයටද දැඩි හානියක් සිදුවන බවයි පෙත්සම මගින් පෙන්වා දි ඇත්තේ.
පාරිසරික අණපනත් කිහිපයක් උල්ලංඝණය වන එම කසළ බැහැර කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩවන බවයි පෙත්සම්කරුවන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
කොළඹ මහනගර සභාව, එහි නාගරික කොමසාරිස්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල ප්‍රාදේශීය සභාව ඇතුළු පාර්ශව 11 ක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

(under the courtesy of adaderana news web)

Related posts

ඔබේ සිත් සොරා ගත් ආදර මධු

Shiran Viraj

බේරුවලින් කොරෝනා 15ක් හමුවේ.. 25,000ක් නිරෝධායනයට..

Shiran Viraj

වොල්ගා කල්පනී, හර්ෂණ බෙත්මගේ සමඟ සොඳුරු කතාබහක්

Shiran Viraj
Translate »