26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

පාහියංගල නායයාමේ අවදානමක් නෑ – අධ්‍යයන වාර්තාවෙන් හෙළි වෙයි

පාහියංගල ලෙන නායයාමේ අවදානමක් නොමැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලු කමිටුව පසවනවා.
ඉකුත් දිනවල ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ පාහියංගල ලෙන නායයාමේ අවදානමක් ඇති බවට වාර්තා පළ වුණා.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් වහා සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට නියෝග කළා.
ආයතන කිහිපයක නිලධාරීන් එක්ව ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කළ අතර එහිදී අනාවරණ වූ කරුණු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෙත්සිරිපායේ දී ඊයේ පැවැත්වුණා.
ඊට සහභාගී වූ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ අධ්‍යක‍ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන සඳහන් කළේ ලෙන ආශ්‍රිත පස් තරය පසුකාලීනව ගොඩකර ඇති බවයි.
එබැවින් වර්ෂාවත් සමඟ එම පස්තරවල ඇති ජල අංශූ ප්‍රමාණය සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.
2008 වසරේ සිට සියුම් ඉරිතැලීමක් පාහියංගල ලෙනෙහි ඉදිරිපිට සිදුව ඇති බවයි මෙම සාකච්ඡාවේදී අනාවරණ වුණේ.
එහෙත් ලෙන නායයාමේ අවදානමක් නොමැති බවද ප්‍රකාශ කෙරුණා.
පාහියංගල ප්‍රදේශයේ ඉකුත්දා සිදු වූ නායයාම් සහ ලෙන ඉදිරිපිට ප්‍රදේශය ඉරි තැලීම අතර කිසියම් සබඳතාවක් තිබේද යන්න සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදු කෙරෙනවා.
මෙම ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් සහ වෙනත් බෝග වගා සිදු කිරීම මඟින් නායයාම් සිදුව ඇති බවයි විමර්ශනයේ දී අනාවරණ වී ඇත්තේ.
එම නිසා පාහියංගල ලෙන අවට ප්‍රදේශය ආරක්ෂිත කලාපයක් ලෙස නම් කොට මූලික සැලැස්මක් යටතේ නායයාමේ අවදානමට මුහුණදීම සඳහා සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
(8under the courtesy of nethfm news web)

Related posts

නීති විරෝධී ආහාර තොග ගබඩා රට පුරා වටලන්නයි පොලිසියට, දිසාපතිලාට නියෝගයක්..

Shiran Viraj

පිටි කිලෝව 500යි.. පාන් 350ට.. බනිස් 150ට… මාසයකින් පාන් නැත්තටම නෑ…

Shiran Viraj

තවත් මත්පැන් බලපත‍්‍ර..

Shiran Viraj
Translate »