27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
BusinessBusiness NewsNews

මේ අංකයෙන් ඔබටත් මිස් කෝල් ආවා ද?

අද (11) දිනය තුළ දී ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජංගම දුරකථනවලට නොදන්නා විදෙස් අංකයකින් මඟ හැරුණු ඇමතුමක් (Missed call) ලැබී ඇති බව වාර්තා වේ.
+1 (767) 502-7697 යන අංකයෙන් මෙම ඇමතුම ලැබී තිබෙන අතර විදෙස් වාර්තා සඳහන් කර සිටින්නේ මෙය ‘One Ring’ Scam අංකයක් බවයි.
එනම් මෙය සංවිධානාත්මකව සිදුකෙරෙන ක්‍රියාවක් වන අතර මෙම මඟ හැරුණු අංකයට යළි ඇමතුමක් ගත් විගස ජාත්‍යන්තර දුරකථන ගාස්තුව ඇතුළුව මුදල් ගෙවා ලබා ගත යුතු විවිධ සේවාවන්වලට ස්වයංක්‍රීයවම සම්බන්ධ වීමක් සිදුවනු ඇත. ඉන් අනතුරුව ක්‍රමානුකූලව ග්‍රාහකයාගේ දුරකථනයෙන් ගාස්තු අයවීමක් සිදුවේ. මෙය වරකට ඩොලර් 20 ක් පමණ මුදලක් වනු ඇති බව සඳහන් වේ.
එබැවින් නොදන්නා ජාත්‍යන්තර දුරකථන අංකවලින් මඟ හැරුණු ඇමතුම් ලැබී තිබිය දී ඒවා හට නැවත වරක් අංකනය කිරීම නොකළ යුතු දෙයක් බවට අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දේ.
(under the courtesy of adaderana news web)

Related posts

ඇතැමුන් දේශපාලන ප්‍රතිසංස්කරණ දූෂණය කරන්න කටයුතු කරනවා

Shiran Viraj

එන්නත්කරණය තවත් වේගවත් කරමින් යුද්ධ හමුදාව ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අරඹයි..

Shiran Viraj

ට‍්‍රම්ප් – කිම් ජොන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

Shiran Viraj
Translate »