23.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඩාල වීමෙන් ආර්ථිකයට දැඩි බලපෑම්

සයිටම් ගැටළුව හේතුවෙන් වෛද්‍ය  පීඨ සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඩාල වීම මත මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වන බව ඒකාබද්ධ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.
එහි කැඳවුම්කරු විශේෂඥ වෛද්‍ය එන්.සී.වීරසිංහ මහතා සඳහන් කළේ මාස පහක පමණ කාලයක සිට වෛද්‍ය පීඨ සිසුන් පංති වර්ජනයේ නිරත වන බවය.
සයිටම් පිළිබද ගැටළුව විසදීම සඳහා සියලු පාර්ශව පිළිගත් නිර්දේශ ඉදිරිපත් කර තිබියදි වගකිව යුතු බලධාරීන් එය නොසලකා කටයුතු කරන බව ඔහු පෙන්වා දෙයි.
වෛද්‍ය පීඨ සිසුන් 7000කට වැඩි සංඛ්‍යාවක් රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨයන්හි ඉගෙනුම ලබන අතර ඔවුන් සඳහා රජය විශාල මුදලක් වැය කරනු ලබයි.
මෙම තත්ත්වය හමුවේ ඉදිරි වර්ෂ සඳහා වෛද්‍ය පීඨවලට සිසුන් ඇතුළත් කරගැනීමේදී ද ගැටළු මතුවිය හැකි බව ඒකාබද්ධ වෛද්‍ය  පීඨ ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේ සැලසුම් කළ පරිදි සිසුන් බදවා ගැනීම් සිදුකරන බවය.
කිසිදු හේතුවක් මත නව බදවා ගැනීම් ප්‍රමාද නොකරන බව ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර මෙම වසරේ සිට වෛද්‍ය පීඨ සඳහා සිසුන් සිය දෙනෙකු වැඩිපුර බඳවා ගන්නා බව ද මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

මාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…

Shiran Viraj

කතානායකට විශ්වාස භංගයක්.. ඔහු ඉවත් කර අලුත් කතානායකයෙක්…

Shiran Viraj

‘ආදර්ශමත් ලෙස හැසිරෙන්න.. එවිට ජනතාවත් එසේ කරාවි..’- ජනපති සියළු මැති ඇමතිවරුන්ට දැනුම් දෙයි..

Shiran Viraj
Translate »