mediahumanrights.lk
News Sports Sports News

එංගලන්තයට ලකුණු 87 ක ජයක්

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟවලියේ නවසීලන්තය සමඟ පැවති තරඟයෙන් ලකුණු 87ක ජයක් හිමිකරගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ.
එංගලන්තයේ කාඩිෆ් ක්‍රීඩාංගනයේදී තරඟය පැවත් විය.
කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය එංගලන්ත කණ්ඩායමට ලබා දුන්නේය.
එංගලන්තය පන්දු වාර 49යි පන්දු 03කදී සියළු දෙනා දැවී ලකුණු 310ක් රැස් කළේය.
ජෝ රූට් ලකුණු 64යි.
ජොස් බට්ලර් ලකුණු 61යි.
පන්දු යැවීමේදී ඇඩම් මිල්න් සහ කොරේ ඇන්ඩර්සන් කඩුලු 03 බැගින් දවා ගනු ලැබීය.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට පන්දු වාර 44යි පන්දු තුනකදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 223ක් පමණයි.
කේන් විලියම්සන් ලකුණු 87යි.
පන්දු යැවීමේදී ලියම් ප්ලන්කට් කඩුලු 04ක් දවා ගනු ලැබීය.
(under the courtesy of adaderana news web)

Related posts

මගේ ජනප්‍රියත්වයේ රහස දෙවියන්ගේ ආශිර්වාදයයි ප්‍රවීන ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක

Shiran Viraj

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

Shiran Viraj

රටවල් දෙකක් බෑ කිවූ නැවක් අප බාරගත්තේ ඇයි… එය වරදක්.. අයක යන ලෙඩක් දාගෙන මුහුදු තීරයම ඉවරයි..- දයාසිරි

Shiran Viraj