27.2 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNewsPolitical

අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි

ඉරානයේ දිවංගත උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනි (Ayatollah Ali Khamenei) මහතාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලිහ් මහතා සහභාගි වීමට නියමිතය. පසුගිය පෙබරවාරි මාසයේදී එල්ල වූ ඇමෙරිකානු – ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වන විට ඒ මහතා 86 වන වියෙහි පසුවිය.

ඉරාන අගනුවර වන ටෙහෙරාන්හිදී එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා (ජූලි 04, 05) යන දිනවලදී මෙම නිල අවමංගල්‍ය උත්සව මාලාව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් නිල වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන්නේ නියෝජ්‍ය කථානායකවරයා විසිනි.

මෙම අවමංගල්‍ය උත්සවය සඳහා අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් ලොව පුරා රටවල් 30කට අධික සංඛ්‍යාවක රාජ්‍ය නියෝජිතයන් පිරිසක් ටෙහෙරාන් නුවර වෙත පැමිණීමට නියමිතය.

මේ වන විටත් ටෙහෙරාන් නුවර වෙත ළඟා වී සිටින ආචාර්ය රිස්වි සාලිහ් මහතාව ඉරාන රජයේ උසස් නිලධාරීන් මෙන්ම එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් ද පිළිගෙන තිබේ.

Related posts

සංචරණ සීමා 07 වැනිදායින් පසුද ක‍්‍රියාත්මකයි.. ක‍්‍රමය මෙන්න..

Shiran Viraj

කොරෝනා පාලනයට බරපතල තත්වයක්.. යන්ත‍්‍රයක් අක‍්‍රීය වෙයි.. PCR ප‍්‍රථිඵල හිරවෙයි..

Shiran Viraj

අරවින්ද ද සිල්වා ඉල්ලා අස්වෙයි!

Shiran Viraj
Translate »