2026-02-13
mediahumanrights.lk
Local NewsNews

අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ වරදකරුවන් වූ 12 දෙනා මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැරසෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ විත්තිකරුවන් 12 දෙනා එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ගම්පහ මහාධිකරණය මගින් ඊයේ (11) ලබා දුන් තීන්දුවෙන් පසුව, වරදකරුවන් වූවන්ගේ ඥාතීන් ජනාධිපති සමාව ඉල්ලීමට ඇති හැකියාව පිළිබඳව නීතිඥවරුන්ගෙන් උපදෙස් විමසා ඇති අතර එහිදී නීතිඥවරුන් පෙන්වා දී ඇත්තේ ජනාධිපති සමාව සඳහා ඉල්ලුම් කිරීමට පෙර පවතින නීතිමය පියවර වන්නේ අභියාචනයක් ගොනු කිරීම බවයි.

ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග වූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ බෙදුණු තීන්දුවක් වශයෙනි. විත්තිකරුවන් 37 දෙනෙකු අතුරින් 12 දෙනෙකු වරදකරුවන් ලෙස බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවයෙන් තීරණය වූ අතර, සෙසු විත්තිකරුවන් 25 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගැනිණි. විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ පැමිණිල්ල විසින් චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නොමැති බැවින් සියලු විත්තිකරුවන් නිදහස් කළ යුතු බව වුවද, සෙසු විනිසුරුවරුන් දෙපළගේ තීරණය මත වරදකරුවන්ට මරණ දඬුවම නියම විය.

ඒ අනුව, ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන දිනයකදී ක්‍රියාත්මක වන පරිදි මරණ දඬුවම නියම වූ මෙම පිරිස මේ වන විට බන්ධනාගාරගත කර සිටියි. විත්ති පාර්ශවය සිය පළමු නීතිමය පියවර ලෙස නුදුරේදීම මෙම දඬුවමට එරෙහිව අභියාචනා පෙත්සම ගොනු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව වාර්තා වේ.

Related posts

චංවාවලට උදවු කරන්නැයි දේශපාලක බලපෑම්.. තිස්සමහාරාම ප‍්‍රාදේශීය ලේකම් ධුරයෙන් අස්වෙයි..

Shiran Viraj

iPhone 8 off to bumpy start with iPhone X in the wings

Shiran Viraj

මුතුරාජවෙල සුරැකීමට විශේෂ බලතල සහිත අධිකාරියක් පිහිටුවන්නැයි කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්

Shiran Viraj
Translate »