2026-02-10
mediahumanrights.lk
Local NewsNews

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත රජය නැවත සමාලෝචනය කරයි

පදිංචිකරුවන් ආරක්ෂා කිරීම සඳහා යෝජිත නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව සිය ස්ථාවරය වෙනස් කරමින්, එය නැවත සමාලෝචනය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය විය. රජය මෙම පනත් කෙටුම්පත පිළිබඳව නැවත සලකා බැලීමට සූදානම් බව නීතිපතිවරයා අධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය.

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී තහවුරු කළේ ඉදිරි කාලසීමාව තුළ අධිකරණ අමාත්‍යවරයා විසින් මෙහි සංශෝධිත පිටපතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. රජයේ මෙම තීරණයත් සමඟ, පනතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 06ක් තවදුරටත් විභාග කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තපා ඇතුළු නීතිඥ මණ්ඩලය පෙන්වා දුන් අතර, එම පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙන ලදී.

Related posts

තවත් 383කට කොරෝන..

Shiran Viraj

නීතියට ඉහළින් කවුරුත් නෑ – රතුඑළි දල්වමින් මියන්මාර හමුදා නායකයා විරෝධතාකරුවන්ට කියයි

Shiran Viraj

ලංකාව පරදා ඉන්දියාව බිහි කළ අලුත්ම ක්‍රිකට් වාර්තාව

Shiran Viraj
Translate »