2026-02-09
mediahumanrights.lk
BusinessBusiness NewsLocal NewsNews

බදු බර නිසා අඩු මිලට මත්පැන් ලබා දීම අසීරු බව මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය පවසයි

අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වා දෙන බවට රජය පොරොන්දු වුවද, දැනට පවතින ඉහළ බදු ප්‍රතිශතයන් හේතුවෙන් එය ප්‍රායෝගිකව සිදු කළ නොහැකි බව මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය පවසයි. 18%ක වැට් බද්ද, 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද සහ ඉහළ සුරා බදු හේතුවෙන් මත්පැන් මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බව එම සංගමය පෙන්වා දෙයි.

වර්තමාන තත්ත්වය අනුව අඩුම මිලට අලෙවි වන මත්පැන් බෝතලයකින් පවා රුපියල් 2500කට අධික බදු මුදලක් රජයට ගෙවීමට නිෂ්පාදන සමාගම්වලට සිදුව ඇත. 2024 සහ 2025 වසරවලදී ඉහළ දැමූ මෙම බදු වර්ග අඩු නොකර මත්පැන් මිල පහළ දැමීම හුදු සිහිනයක් පමණක් බව එම සංගමය අවධාරණය කරයි.

පසුගිය දිනවල ප්‍රධාන පෙළේ මත්පැන් සමාගමක් රුපියල් 2220ක් වැනි අඩු මිලකට මත්පැන් බෝතලයක් හඳුන්වා දුන්නද, පවතින අධික ඉල්ලුම නිසා එම තොග දින දෙක තුනකින් අලෙවි වී අවසන් වූ බවද වාර්තා වේ. සාමාන්‍ය ජනතාවට සහනදායී මිලකට මත්පැන් ලබා දීමට නම් පවතින බදු ව්‍යුහයේ වෙනසක් අත්‍යවශ්‍ය බව බලපත්‍රලාභීන්ගේ මතයයි.

Related posts

ජනපති එන්න පෙර පරික්ෂා කරන විට 'බත්තරමුල්ලේ සුඛෝපභෝගී නිවසකින්' ආයුධ හමුවේ

Shiran Viraj

කෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..

Shiran Viraj

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමත් සමඟ විමල් වීරවංශ ඇතුළු පිරිසගේ සත්‍යග්‍රහය අවසන් වෙයි

Shiran Viraj
Translate »