mediahumanrights.lk
Local NewsNewsPolitical

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන පරිහරණ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට එකඟතාව පළ වෙයි

රජයට අයත් වාහන සිය කාර්ය මණ්ඩලය වෙත වෙන්කර ඇති ආකාරය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය පසුගියදා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව හමුවේ එකඟතාව පළ කළේය. මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා විසින් 2024 වසරේ ජූලි මාසයේදී ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ අයදුම්පතකට අදාළව මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව අදාළ වාහන පරිහරණය කරන නිලධාරීන්ගේ නම්, තනතුරු මෙන්ම එම වාහනවල වර්ගය, මාදිලිය සහ ලියාපදිංචි අංක ඇතුළත් සවිස්තරාත්මක තොරතුරු නිකුත් කිරීමට නියමිතව ඇත.

මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණේ, එය තොරතුරු දැනගැනීමේ පනතේ 5 (1)(අ) වගන්තිය යටතට වැටෙන පෞද්ගලික තොරතුරු බව පවසමිනි. කෙසේ වෙතත්, කොමිෂන් සභාව තීන්දු කළේ රාජ්‍ය දේපළක් වන වාහන වෙන්කිරීමේ තොරතුරු පෞද්ගලික තොරතුරු ලෙස සැලකිය නොහැකි බවයි. මේ සම්බන්ධයෙන් ඉහළ මහජන උනන්දුවක් පවතින බැවින්, අදාළ සියලු තොරතුරු 2026 ජනවාරි 31 දිනට පෙර ලබාදිය යුතු බවට ද කොමිෂන් සභාව නියෝග කළේය.

මීට අමතරව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු 2024 සැප්තැම්බර් 23 දින පමණ භාරදුන් වාහන නැවත වෙනත් අමාත්‍යාංශ සහ ආයතන වෙත වෙන් කළ ආකාරය පිළිබඳ තොරතුරු ද ලබාදෙන ලෙස කොමිෂන් සභාව මෙහිදී නියම කළේය. මෙම තීරණය රාජ්‍ය සම්පත් පරිහරණයේ විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.

Related posts

අකර්මණ්‍ය වූ හදවතක් පැයක් තුල යළි පණ ගැන්වීමට හැකි වෛද්‍ය උපකරණයක් හඳුන්වා දෙයි

Shiran Viraj

වර්ජනය වාර්තා කිරීමට ගිය මාතර හිරු මාධ්‍යවේදියාට පහරදීමක්

Shiran Viraj

විදුලි අර්බුදය ආවේ මා කී ලෙස වැඩ නොකල නිසා…

Shiran Viraj
Translate »