31.7 C
Colombo
2026-10-02
mediahumanrights.lk
Local NewsNews

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියට හූ හඬින් විරෝධය

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටි පිරිසක් විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියට හූ තබමින් සිය දැඩි විරෝධය පළ කර තිබේ. අද පෙරවරුවේ අමාත්‍යාංශය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය සිය රාජකාරි නිමවා එතැනින් පිටත්ව යන අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත. දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ ඇය එම ස්ථානයෙන් පිටත්ව ගියද, විරෝධතාකරුවන් දිගින් දිගටම හූ හඬ නගමින් සිය අප්‍රසාදය පළ කරන අයුරු දැකගත හැකි විය.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව මෙම විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වෙමින් සිටියි. ඔවුන් පෙන්වා දෙන්නේ රජය විසින් හඳුන්වා දීමට උත්සාහ කරන නව අධ්‍යාපන ක්‍රමවේද හරහා දරුවන්ගේ අනාගතය අවදානමට ලක්වන බවයි. මෙම විරෝධතාවය හේතුවෙන් පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබූ අතර, තත්ත්වය පාලනය කිරීමට පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යොදවා සිටියහ.

අග්‍රාමාත්‍යවරියට එරෙහිව එල්ල වූ මෙම විරෝධය හමුවේ රජය සිය ස්ථාවරය තවදුරටත් වෙනස් කරන්නේද යන්න පිළිබඳව දේශපාලන කරළියේ දැඩි අවධානයක් යොමුව පවතී. මීට පෙර 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ කල් දැමීමට රජය තීරණය කළද, විරෝධතාකරුවන් පවසන්නේ සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම යළි සලකා බැලිය යුතු බවයි.

Related posts

LPL : මතීෂ පතිරණ වාර්තාගත මිලකට අලෙවි වෙයි…

Shiran Viraj

පෙන්ටගනය ඇතුළු අමෙරිකානු හමුදා කඳවුරුවල ආරක්ෂාව දැඩි කරයි : විරෝධතා මැද ත්‍රස්ත ප්‍රහාර අවධානමක්

Shiran Viraj

කතානායක අද අත්සන තබයි

Shiran Viraj
Translate »