28.4 C
Colombo
2026-08-07
mediahumanrights.lk
International NewsNews

Covid19 එන්නත් රැගෙන යා හැකි අධිශීතකරණ නිපදවීම ඉන්දියාව අරඹයි

කොරෝනා වෛරසයට අදාළ එන්නත් උෂ්ණත්වය සෘණ අගයක් පවතින අධිශීතකරණවල තැන්පත් කළ යුතු බවට නිර්දේශවී ඇති පසුබිමක ඉදිරියේදී Covid19 එන්නත් ප්‍රවාහනය කිරීමට සුදුසු ලෙස ශීතකරණ සහිත උපාංග නිපදවීම සඳහා වන කර්මාන්තශාලාවක් පිහිටුවීමට ඉන්දියාව ලක්ෂම්බර්ග් රාජ්‍ය සමග එකඟතාවකට පිවිසීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි. ඉන්දියාවේ බටහිර පිහිටි ගුජරාට ප්‍රාන්තයේදී මෙම කර්මාන්තශාලාව පිහිටුවීමට සැලසුම් කර තිබේ.
පසුගියදා ලක්ෂම්බර්ග් අගමැති ෂේවියර් බීටල් ඉන්දීය  අගමැති නරේන්ද්‍ර මෝදි සමග පැවැත්වූ අන්තර්ජාල ද්විපාර්ශිවික සාකච්ඡාවකදී මේ පිළිබඳ වන යෝජනාව ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉක්මනින්ම ක්‍රියාත්මක වන ලෙස අගමැති මෝදි එරට බලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙහිදී ලක්ෂම්බර්ග්හි B Systems නම් සමාගම දැනටමත් ඉන්දියාව තුළ සිය මෙහෙයුම් සඳහා වන යන්ත්‍ර ඇණවුම් කර තිබේ. මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදන ලබන මාර්තු මස අගදී ඇරඹීමට හැකිවෙනු ඇතැයි පැවසෙයි. ඒ සඳහා එම සමාගමේ කණ්ඩායමක් ලබන සතියේදී හෝ පසු සතියේදී පැමිණීමට නියමිතව තිබේ.  දැනට ලොව ඉදිරිපත් කර ඇති Covid19 එන්නත් ගබඩා කර තබා ගැනීමට ශීතාගාර පහසුකම් අවශ්‍ය අතර, ඒවා රැගෙන යාමටද සිසිල් බව ආරක්ෂා කළ හැකි පහසුකම් සහිත උපාංග අවශ්‍ය බව ඒවායේ නිෂ්පාදකයන් සඳහන් කරයි. එසේම ඇතැම් නිෂ්පාදකයන්ගේ ඒන්නත් සෙල්සියස් අංශක 2 සිට 8 දක්වා වූ උෂ්ණත්වයකදී වුවද ගබඩා කළ හැකි බව පවසා තිබේ.

gossiplankanews

Related posts

තහනම මැද උතුරේ කොටි සැමරුම් රැසක්.. TNA මන්ත‍්‍රීන්ද එක්වෙති..

Shiran Viraj

රටේ ඩොලර් නෑ.. බඩු ගේන්න විදිහක් නෑ.. බඩු මිල වේගයෙන් ඉහළ යාම නවත්තන්න බෑ..

Shiran Viraj

දෙමළ ජාතික සන්ධානය ඍජුව කතා කරන්නේ නෑ

Shiran Viraj
Translate »