mediahumanrights.lk
Local NewsNews

ඩෙල්ෆ්ට් දූපතේදී සුළි කුණාටු සහනාධාර අවභාවිතාවක්?

සුළි කුණාටු ආපදාවෙන් අවතැන් වූ පිරිස් සඳහා රජය විසින් සහනාධාර බෙදා දීමේදී අක්‍රමිකතා සිදුවන බවට සමාජ ජාල ඔස්සේ චෝදනා එල්ල වෙමින් තිබේ.

මෙම චෝදනා පදනම් වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්ට් දූපත ආශ්‍රිතව සිදුව ඇතැයි කියන රාජ්‍ය මුදල් අවභාවිතාවයකි:

  • නිවාස සංඛ්‍යාව: අවසන් ජන සංගණනයට අනුව ඩෙල්ෆ්ට් දූපතේ පදිංචි පවුල් සංඛ්‍යාව 893ක් ලෙස වාර්තා වී තිබේ.
  • අනුමත කළ දීමනාව: එහෙත්, එහි නිවාස ඒකක 1,216ක් සඳහා නිවාස පිරිසිදු කිරීමේ දීමනාව අනුමත කර ඇති බවට වූ ලේඛන සහිතව සමාජ ජාල වල තොරතුරු පළ වේ.

මෙම තත්ත්වය හරහා රුපියල් ලක්ෂ 75ක පමණ රාජ්‍ය මුදල් අවභාවිතාවක් සිදුව ඇතැයි චෝදනා කරන්නෝ පවසති. මෙම චෝදනා සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතුය.

Related posts

නාමල් ට‍්‍රම්ප්ට විරුද්ද වේ..

Shiran Viraj

පාර්ලිමේන්තුව රැස්කල සැනින් විශ්වාස භංගයක්.. අගමැති මහින්ද හා ආණ්ඩුව පරදා අලුත් ආණ්ඩුවක්..

Shiran Viraj

නාය ගිය අරණායක දැව සංහාරයක්

Shiran Viraj
Translate »