25 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

හදිසි නායයෑමේ අවදානම: මාණික්කාවත්තෙන් පවුල් 13ක් ඉවත් කරයි

හැටන්, වටවල පොලිස් වසමට අයත් රොසැල්ල මාණික්කාවත්ත ජලපදයේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 13ක සාමාජිකයන් 50 දෙනෙකු පමණ සිය නිවාසවලින් ඉවත් කර තිබේ.

අවතැන් වූ මෙම පිරිස වැලිඔය දමිළ මහා විද්‍යාලයේ තාවකාලිකව රඳවා ඇති බව වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ගමගේ මහතා පැවසීය.

  • සිද්ධිය: (06) දින අලුයම 1:00ට පමණ එක්වරම විශාල ශබ්දයක් සමඟ නිවෙස් දෙදෙරීමට පටන් ගැනීම නිසා නිවෙස් කිහිපයක්ම ඉරිතැලීමට පටන් ගත් බව පදිංචිකරුවන් කියා සිටියි.
  • තත්ත්වය: අධික බෑවුමක් සහිත ඉඩමක පිහිටා ඇති මාණික්කාවත්ත ජනපදය පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ස්ථාන කිහිපයකින් නාය ගොස් ඇත.
  • අනෙකුත් නිවාසවලට බලපෑම: අවදානමට ලක් වූ නිවාස 13ට පහළින් එම ජනපදයේ තවත් නිවාස 50ක් පමණ පිහිටා ඇති බැවින්, අවදානම ඉහළ ගොස් ඇත.
  • සහන: අවතැන් කඳවුරේ සිටින පිරිසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට වටවල පොලිසිය පියවර ගෙන තිබේ.

Related posts

වසරේ පළමු පාසල් වාරය අදින් අවසන්

Shiran Viraj

චිලීව සහ තමන්ව වීඩියෝ කළ නිසා ටීනා තරුණයෙක්ට මහමගදී පහර දෙයි – වීඩියෝ

Shiran Viraj

ක්‍රිකට් තරුවක් පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගනියි

Shiran Viraj
Translate »