mediahumanrights.lk
NewsPolitical

කාලගුණ අනතුරු ඇඟවීම් නොසලකා ජලාශ එකවර මුදා හැරීමෙන් මහ විනාශයක් – කබීර් හෂීම්ගෙන් රජයට චෝදනා

පසුගිය කුණාටු සමයේදී ප්‍රධාන ජලාශවල ජලය නිසි කළමනාකරණයකින් තොරව එකවර මුදා හැරීම හේතුවෙන් මෙරට විශාල ජීවිත හානියක් සිදුවූ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද (දිනය) පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස චෝදනා කළේය.

ඔහු පෙන්වා දුන්නේ, නොවැම්බර් 12 වන දිනට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදාළ පුරෝකථනයන් පිළිබඳව රජය දැනුවත් කර තිබූ බවයි.

ජීවිත 75%ක් බේරාගත හැකිව තිබුණා:

ජලාශ කළමනාකරණය නිසි පරිදි සිදු නොවීම ජීවිත හානි වැඩිවීමට ප්‍රධානම හේතුව බවට හෂීම් මහතා චෝදනා කළේ මෙලෙසිනි:

“අන්තිම මොහොත වෙනකන් වතුර ටික යැව්වේ නෑ. එක පාරටම ගේට්ටු ඇරියා. ගම්පොළ නගරයේ දාහක් විතර මැරිලා ඇති. වතුර ටික ටිකෙන් ටික ඇරිය නම් සියයට 75ක් ජීවිත බේරගන්න තිබුණා. දදුරු ඔය වාන් ගේට්ටු ඔක්කොම එක සැරේ ඇරියා. අපරාදේ ජීවිත.”

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ආණ්ඩුව මෙම තත්ත්වය හරියාකාරව කළමනාකරණය නොකළ බව පැහැදිලි බවත්, අත්දැකීම් සහිත විපක්ෂය මේ පිළිබඳව කතා කිරීමට සූදානම්ව සිටි බවත්ය.

රජයට අවවාදය:

“ආණ්ඩුව මේක හරියට කළමනාකරණය කළේ නැහැ. වරද්ද ගත්ත නම් දැන්වත් ඒක හරියට කරමු. ලැජ්ජ වෙන්න එපා. වැරදුණා නම් අපි ඒක හදාගමු” යනුවෙන් ඉල්ලීමක් කරමින් හෂීම් මහතා සිය අදහස් දැක්වීම අවසන් කළේය.

විපක්ෂ විරෝධය:

මෙම සාකච්ඡාවට සමගාමීව, අද දින පාර්ලිමේන්තුව දහවල් 12:30 පමණක් වන තෙක් පැවැත්වීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය සභා ගැබෙන් ඉවත්වීමට පියවර ගත්තේය.

Related posts

එන්නේ මහ මැතිවරණයක්.. ජනාධිපති මගේ යාළුවා නිසා මට ඒක ෂුවර්…

Shiran Viraj

විදුලි කප්පාදුව හොදටම අඩු කරයි…

Shiran Viraj

බද්ද ගෙවුවොත් ඇඟලුම් සේවකයන් ලක්ෂ 3 1/2ක රැකියා අවදානමක්…

Shiran Viraj
Translate »