32.8 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

රාජිත සේනාරත්නගේ වරෙන්තු අත්හිටුවීමේ ඉල්ලීම අධිකරණයෙන් ප‍්‍රතික්ෂේප වෙයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනයක් සම්බන්ධයෙන් තමන්ට නිකුත් කර ඇති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කරන ලද ඉල්ලීමක් ඊයේ (18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ මෙම ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේදී, නඩුවේ පැමිණිලිකරු වන අල්ලස් කොමිසම අධිකරණයට පැමිණ සිටියහොත් පමණක් එම ඉල්ලීම සලකා බැලිය හැකි බවට මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

ඒ අනුව, රාජිත සේනාරත්න මහතාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණය කිසිදු නියෝගයක් නිකුත් කිරීමෙන් වැළකී සිටියේය.

Related posts

මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනපති කියයි…

Shiran Viraj

කොවිඩ් ආසාදිතයින් 252ක්

Shiran Viraj

තැපැල් වෘත්තීය සමිති තීරණාත්මක සාකච්ඡාවක

Shiran Viraj
Translate »