2026-01-17
mediahumanrights.lk
Local NewsNews

ඉන්දීය අගමැති කටුනායකින් බහී…

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට මීට සුළු මොහොතකට පෙර පැමිණියේය.

ඒ කටුනායක ගුවන් තොටුපල හරහායි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගුවන් තොටුපලේදී පිලිගත්තේය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, ඉන්දීය විදේශ ලේකම්වරයා සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිපදෙනෙක්ද මෙම සංචාරයට එක්වෙයි.

ඒ මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී හෙට පෙරවරු 9.00ට පැවැත්වෙයි.

මෙම සංචාරයේදී දෙරට අතර ගිවිසුම් කිහිපයකට එළැඹීමට නියමිතය.

Related posts

ශ්‍රී ලංකා පිළ එක්දින ක්‍රිකට් පිටියේ පහළටම ඇද වැටෙයි

Shiran Viraj

“රැකියා නැති උපාධි වලින් පලක් නෑ” ජනපති ගෝඨාභය විශ්වවිද්‍යාල ක්‍රමය වෙනස් කිරීමට යයි

Shiran Viraj

අපචාරයකට චෝදනා ලැබූ චීවරධාරියෙක් අත්අඩංගුවට

Shiran Viraj
Translate »