mediahumanrights.lk
Local NewsNews

බෙන්තර මුහුදු තීරයේ නෞකාවක ගින්නක් හටගෙන නැහැ

බෙන්තර මුහුදු තීරයේ නෞකාවක් ගිනි ගන්නා අයුරු නිරීක්ෂනය කිරීම වැරදි වටහාගැනීමක් බව නාවික හමුදා වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු රුවන් ප්‍රේමවීර සඳහන් කළා.
ඔහු කියා සිටියේ සිංගප්පූරුවට අයත් නෞකාවක් එහි සියලූ විදුලි පහන් දැල්වීම නිසා ගිනිගැනීමක් ලෙස ගොඩබිමට නිරීක්ෂණය වී තිබූ බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ ලැබුණු තොරතුරුවලට අනුව ඊයේ රාත්‍රියේ නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා දෙකක් නැව ආසන්නයට ගිය බවද වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
හදිසි අවශ්‍යතාවක් නොවන අවස්ථාවක නෞකාවක එලෙස විදුලි පහන් නොදැල්වීම නීතියක් වන අතර, ඒ පිළිබඳව සිංගප්පූරු නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය දැනුවත් කළ බවයි ඔහු කියා සිටියේ.
(under the courtesy of hirunews news web)

Related posts

අර්බුදය මුදුනේ සිට කබ්රාල් වැඩ පෙන්නයි.. අඛණ්ඩව ඉන්ධන ගේන්න ඩොලර් දෙන වගකීම බාරගනී…

Shiran Viraj

බෝම්බ සහ මෝටාර් බෝම්බ තොගයක් හමුවේ…

Shiran Viraj

නව මහ බැංකු අධිපති, නව මුදල් අමාත්‍යාංශ ලේකම් පත් කරයි…

Shiran Viraj
Translate »